අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක කරුණාරත්න වේලාසනින්ම විශ්‍රාම යයි

එළඹෙන ජූනි මාසයේදී විශ්‍රාම යාමට නියමිත අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, මෙම මස අවසානයේ සිට විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගනු ඇතැයි වාර්තා වනවා.

ඊට අදාළ ලිපි ලේඛන ඔහු විසින් මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර ඇති බව ද සඳහන්.

ඒ සමඟම, රජය විසින් ඔහුට එරෙහිව ගෙන ඒමට සූදානම්ව තිබූ දෝෂාභියෝග සැලැස්ම අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව, විනිසුරු කරුණාරත්න මහතා පෙබරවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අභියාචනාධිකරණ රාජකාරිවලින් ඉවත් වීමට නියමිතයි.

කෙසේවෙතත්, ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්නොවන අතර ජූනි මාසය දක්වා විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගෙන ඉන්පසු විශ්‍රාම ලබා ගනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

වසර 37ක සේවා කාලයක් සපුරා ඇති විනිසුරු බන්ධුල කරුණාරත්න, නියමිත පරිදි විශ්‍රාම ගැනීමට නියමිතව ඇත්තේ මේ වසරේ ජුනි 16 වැනිදායි.

මේ අතර, පෙබරවාරි පළමු වන දින සිට බලපැවැත්වෙන පරිදි රාජකාරිවලින් ඉවත් වීමට ගත් තීරණය පිළිබඳව විනිසුරු කරුණාරත්න මහතා, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට දැනටමත් දැනුම් දී ඇති බව ද වාර්තා වනවා.

ඒ අනුව, විනිසුරු කරුණාරත්න මහතා විශ්‍රාම යන තෙක් වැඩ බලන තනතුරක් සඳහා තවත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු පත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා.

විනිසුරු කරුණාරත්නගෙන් පසු අභියාචනාධිකරණයෙහි ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන්නේ විනිසුරු මොහොමඩ් ලෆාර් වන අතර ජනාධිපතිවරයා ඔහුගේ නම ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ කර තිබුණේ නැහැ.

ඔහු ජුනි 18 වන දින වයස අවුරුදු 63 සම්පූර්ණ කිරීමෙන් පසු විශ්‍රාම යාමට නියමිත ව තිබෙනවා.

මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන්නේ උදය කරලියද්දේ, රත්නප්‍රිය ගුරුසිංහ සහ ධම්මික ගනේපොල යන අයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45
Video thumbnail
විදේශිකයන් රැගත් වෑන් එකක් ග්‍රෙගරි වැව අසළ සිදුවූ බිහිසුණු අනතුර
01:09
Video thumbnail
අජිත්ගෙන් ලාල් කාන්තට සැර සත්තමක්.."කිසිම සමාවක් දෙන්න බැරි පහත් විවේචනයක් කළේ"
06:53


?