Empty Ad
AFC Banner
Empty Ad

අභාවප්‍රාප්ත ප්‍රවීණ කලා ශිල්පී වසන්ත විට්ටච්චීගේ අවසන් කටයුතු අනිද්දා

අභාවප්‍රාප්ත ප්‍රවීණ කලා ශිල්පී වසන්ත විට්ටච්චීගේ අවසන් කටයුතු අනිද්දා (01) සිදු කිරීමට නියමිතයි.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කලක් තිස්සේ තිබූ රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන් ඔහු ඊයේ (26) රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වී ඇත්තේ කොළඹ කොතලාවක ආරක්ෂක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී බවයි.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 65 වන වියේ පසු වුණා.

1978 වර්ෂයේ දී ‘අත්’ වේදිකා නාට්‍යයෙන් කලාවට පිවිසි ඒ මහතා සම්මාන රැසකින් පිදුම් ලැබූවෙක්.

මේ වනවිට ඒ මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා අංක 488/ A, පොල්පිතිමූකලාන, කඳාන යන ලිපිනයේ තැන්පත් කර තිබෙනවා.

අනිද්දා දිනයේ දී දේහය කොළඹ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කිරීමට නියමිතයි.

අවසන් කටයුතු එදින සවස බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?