අබිරහස් මළසිරුරක් ගොඩගන්න ගිය පොලිසියට බඹර ප්‍රහාරයක්

ඌව පරණගම – කොඩකුඹුර ප්‍රදේශයේ දින දෙකකට පෙර සොයාගත් අබිරහස් පිරිමි මළසිරුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසියට නොහැකිව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (24) පෙරවරුවේ දී එම මළසිරුරු තිබූ ස්ථානයට පොලිසිය ගිය අවස්ථාවේ දී මළසිරුරට යාබදව ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී පරීක්ෂණ කටයුතු සඳහා ගිය ඌව පරණගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසකට පහර දී ඇති බවයි.

බඹර ප්‍රහාරයට ලක් වූ පොලිස් නිලධාරින් රෝහල්ගත කර තිබෙනවා.

පසුව පස්වරුවේ බඹරුන් ඉවත් කිරීමෙන් පසුව පොලිසිය පැමිණ අදාළ මියගිය පුද්ගලයාගේ මළසිරුර
පුද්ගලික වැවලි සමාගමකට අයත් තේ වගා ඉඩමෙන් ගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි මීරියකමත – කොඩකුඹුර ප්‍රදේශයේ පදිංචි දින 07කට පෙර අතුරුදන් වූ පුද්ගලයා බවයි හෙළි ව තිබෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ,ඌව පරණගම – අඹගස්දෝව පොලිසියේ තවත් නිලධාරීන් කණ්ඩායමක් යොදවා අද (25) දින, බණ්ඩාරවෙල පොලිසියේ ස්ථානීය නිරීක්ෂණ නිලධාරින් (soco) හා වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් එස්.ඩී සමරකෝන් මහතා ස්ථානීය පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව මෘත ශරීරය වැඩිදුර පරීක්ෂණ සඳහා බදුල්ල ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17


?