අපේ රටේ සම්පත්වලින් අපට වැඩක් ගන්න බැරි නම් විදෙස් ආයෝජකයන්ට දෙන්න ඕනේ

සිය දේශපාලන අරමුණු වෙනුවෙන් රටේ පවතින නීතීයට අනුකූලව සිදු කරනු ලබන ආයෝජන අවස්ථාවන්ට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම්, එය රටේ සංවර්ධනය ආපස්සට හැරවීමට කරන උත්සාහයක් බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මීගමුව කාර්යාලයේදී පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

“ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා පක්ෂ බේදයකින් තොරව ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. පාට කණ්ණාඩිවලින් බලලා රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න බැහැ. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ නායකයින් රටට හිතකර යෝජනා ක්‍රියාත්මක කිරීමට යාමේදී ඇතැම් පාර්ශවයන් විරුද්ධ වුනා. අදටත් විරුද්ධ වෙනවා. රටට හිතකර යෝජනාවක් නම් එය ක්‍රියාත්මක කිරීමට සහාය දෙන්න ඕනේ.

අපේ රටේ පවතින සම්පත් අපිට ප්‍රයෝජනයට ගන්න බැරි නම් අපි මොකද කරන්නේ. ඒ සඳහා අපිට තාක්ෂණය නැතිනම්, මුදල් නැතිනම් අපි විදෙස් ආයෝජකයෙක් ගෙන්නගෙන රටේ නීතියට අනුව වැඩ කරනවනම් ඇති වරද කුමක්ද? ලෝකයම පුනර්ජනනීය බලශක්තිය සඳහා යොමුවෙන අවස්ථාවක, අපේ ඛනිජ සම්පත අපිට තව අවුරුදු 20 ක් ඇතුළත ගන්න බැරිවුනොත් ඒ සම්පතේ වටිනාකමක් තියෙයිද? යහපාලනයට ඔවුන්ගේ අවුරුදු හතර හමාර තුළ කිසිදු ආයෝජකයෙක් ගෙන්න ගන්න බැරිවුනා. අපි ආණ්ඩුවක් විදියට රටට හිතකර තීන්දු තීරණ සෘජුව ගන්නවා.

අපේ රටේ ආයෝජකයෝ විදෙස් රටවල ගිහින් ආයෝජනය කරනවා. අපේ අය විදෙස් රටවල ගිහින් රැකියා කරනවා. හැබැයි විදෙස් රටවල අයට මෙහෙ ආයෝජනය කරන්නත් බැහැ, රැකියා කරන්නත් බැහැ. විරුද්ධ වෙනවා. ලංකාවේ රාජ්‍ය ආයතන ගණනාවක් පාඩු ලබනවා. ඒවා නඩත්තු කරන්න මිලියන 22 ක් ජනතාව බදු ගෙවනවා. මේ වැය වෙන්නේ ජනතාවගේ සල්ලි. අපි රජයක් විදියට උත්සාහ කරන්නේ ජනතාවගේ මුදල් නාස්තිය අවම කරලා මේ රටේ ආර්ථිකය ගොඩනගන්න.

ලෝකයේ රට රටවල් එකතුවෙලා ද්වි පාර්ශවික හා බහු පාර්ශවික වශයෙන් දියුණු වෙන්න උත්සහ කරනවා. නමුත් අපේ රට ඉන්දියාව, ඇමරිකාව, චීනය හා ජපානය වැනි රටවල් සමග ආයෝජනය කරන්න හැදුවම විරුද්ධ වෙනවා. හැබැයි මේ විරුද්ධ වෙන කට්ටිය ඒ රටවල නායකයින් හම්බවෙලා, ඒ පාලන කාලය තුළ ආයෝජනය කරන්න එන්න කියනවා. එයාලට බලය නැතිවුනාම ආයෝජනය කරන්න විදෙස් රටක් එනවනම් ඒකට විරුද්ධ වෙනවා. මොකක්ද මේ විපක්ෂයේ දෙබඩි පිළිවෙත.” යැයි පැවසීය.

– මාධ්‍ය අංශය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන නැති නිසා ගාල්ලේ ෂෙඩ් ටික පාළුවට ගිහින්
01:04
Video thumbnail
බස්වල යන්න මිනිස්සු දිගු පෝලිම්වල
01:40
Video thumbnail
තෙල් පෝලිම් ටික අතුරුදන් වෙයි - වැල්ලවාය ෂෙඩ්වල නවතම තත්ත්වය
01:02
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30