අපේක්ෂා රෝහලේ රෝගීන්ගේ අපේක්ෂා බිද වැටේ

මහරගම අපේක්ෂා රෝහලේ හෙද කාර්ය මණ්ඩලය හෙට(18) සාමාන්‍ය රාජකාරියෙන් බැහැරව උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරනය කර ඇත.

අපේක්ෂා රෝහලේ කාන්තා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු එම රෝහලේ හෙද නිලදාරිනියකට පහරදීම හෙලා දකිමින් මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක කරන බව අපේක්ෂා රෝහලේ හෙද වෘත්තිය සමිතියේ සභාපති රන්ජිත් ලෝරන්ස් අරැණට පැවැසීය.

ශල්‍යාගාරයට රෝගීන් අැතුළත් කිරීමේ ලේඛනයේ වූ යම් කරැනක් සම්බන්ධයෙන් මතු වූ ගැටලුවක් මත වෛද්‍යවරයා අද (17) උදෑසන හෙදියට පහර දී ඇත.

මේ සම්බන්ධයෙන් මහරගම පොලිසියට පැමිනිලි කර ඇති අතර තවමත් වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන නැති බැවින් ඔහු අත්අඩංගුවට ගන්නා තෙක් උද්ඝෝෂණය ඉදිරියට ගෙන යන බව රන්ජිත් ලෝරන්ස් වැඩි දුරටත් පැවැසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?