”අපි පෙනී සිටින්නේ සාමය පැත්තේ” – මැදපෙරදිග යුද්ධය ගැන නලින්දගෙන් ප්‍රකාශයක්

මැදපෙරදිග ඇති ව තිබෙන යුද වාතාවරණ තත්ත්වය තුළ දී ශ්‍රී ලංකාව රටක් වශයෙන් කලාපීය සහ ලෝක සාමය පවත්වාගෙන යාම සිදු කළ හැකි පාර්ශ්වයේ සිටගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

මේ වනවිට (25) පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු විමසුවේ සෙසු රාජ්‍යයන් මැදපෙරදිග යුද්ධය හෙළා දැක ප්‍රකාශ හෝ නිවේදන නිකුත් කළ ද ශ්‍රී ලංකා රජය සිය ස්ථාවරය ගැන දැනුම්දීමක් නිල වශයෙන් සිදු කර නොමැති බවයි.

කිසිදු ලෙසකින් ගැටුම් තීව්‍ර කරන පාර්ශ්ව සමග පෙනී නොසිටින බවත්, ලාංකික ශ්‍රමිකයින් බොහෝ දෙනෙකු ඊශ්‍රායලයේ ජීවත් ව සිටින බවත්, ඔවුන්ගේ රැකියා සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ලක් රජය පෙනී සිටින බැවින් රජයක් වශයෙන් යුද්ධය ප්‍රතික්ෂේප කරන බවත්, විදේශ අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කර ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මැදපෙරදිග තත්ත්වය සමීප නිරීක්ෂණය කරන බවත්, රැකියා අහිමි වීම්, විදේශ විනිමය සම්ප්‍රේෂණයන්, බොරතෙල් මිල ආදී ක්ෂේත්‍ර පිළිබඳ ව ඇතැම් විට ගැටලුකාරී තත්ත්ව හටගැනීමක් සිදු විය හැකි බවත් ඒවා සියල්ලටම රජයක් වශයෙන් නිසි විසඳුම් ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?