”අපි පෙනී සිටින්නේ සාමය පැත්තේ” – මැදපෙරදිග යුද්ධය ගැන නලින්දගෙන් ප්‍රකාශයක්

මැදපෙරදිග ඇති ව තිබෙන යුද වාතාවරණ තත්ත්වය තුළ දී ශ්‍රී ලංකාව රටක් වශයෙන් කලාපීය සහ ලෝක සාමය පවත්වාගෙන යාම සිදු කළ හැකි පාර්ශ්වයේ සිටගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

මේ වනවිට (25) පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු විමසුවේ සෙසු රාජ්‍යයන් මැදපෙරදිග යුද්ධය හෙළා දැක ප්‍රකාශ හෝ නිවේදන නිකුත් කළ ද ශ්‍රී ලංකා රජය සිය ස්ථාවරය ගැන දැනුම්දීමක් නිල වශයෙන් සිදු කර නොමැති බවයි.

කිසිදු ලෙසකින් ගැටුම් තීව්‍ර කරන පාර්ශ්ව සමග පෙනී නොසිටින බවත්, ලාංකික ශ්‍රමිකයින් බොහෝ දෙනෙකු ඊශ්‍රායලයේ ජීවත් ව සිටින බවත්, ඔවුන්ගේ රැකියා සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ලක් රජය පෙනී සිටින බැවින් රජයක් වශයෙන් යුද්ධය ප්‍රතික්ෂේප කරන බවත්, විදේශ අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කර ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මැදපෙරදිග තත්ත්වය සමීප නිරීක්ෂණය කරන බවත්, රැකියා අහිමි වීම්, විදේශ විනිමය සම්ප්‍රේෂණයන්, බොරතෙල් මිල ආදී ක්ෂේත්‍ර පිළිබඳ ව ඇතැම් විට ගැටලුකාරී තත්ත්ව හටගැනීමක් සිදු විය හැකි බවත් ඒවා සියල්ලටම රජයක් වශයෙන් නිසි විසඳුම් ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15