”අපි ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන කාණුවට යැව්වා” – ඊශ්‍රායලයෙන් බරපතළ ප්‍රකාශයක්

අමෙරිකා එක්සත් ජනපදය හා ඉරානය මේ වනවිට (ජුනි මස 25) න්‍යෂ්ටික සාකච්ඡා නැවත ආරම්භ කරමින් සිටින බව ට්‍රම්ප් නියෝජිතයා පවසනවා.

timesofisrael.com වෙබ් අඩවිය වාර්තා කරන පරිදි ටෙහෙරානය සමග සිදු වන මුල් මට්ටමේ සාකච්ඡා පොරොන්දු අදිය‍රේ පවතින බවත් එබැවින් විස්තීර්ණ සාම ගිවිසුමක් බලාපොරොත්තු වන බවත් එහි සඳහන්.

සටන් විරාමයෙන් පසු සිරකරුවන් නිදහස් කිරීමට ප්‍රමුඛත්වය දෙන ලෙස ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් අමෙරිකාවෙන් ආයාචනා කර තිබෙනවා.

මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ”අපි ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන කාණුවට යැව්වා” යනුවෙන්.

එය සැබවින්ම විශිෂ්ට මෙන් ම ඓතිහාසික ජයග්‍රහණයක් බව ද ඊශ්‍රායල අගමැති පවසනවා.

ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ තරවටු කිරීමෙන් පසුව, අගමැති පවසන්නේ ‘ඊශ්‍රායලයට ජනාධිපති ට්‍රම්ප් වැනි මිතුරෙකු කිසිදා සිටියේ නැත’ බවයි.

ටෙහෙරානය තම පරමාණුක වැඩසටහන යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කළහොත් ‘එකම අධිෂ්ඨානයෙන් ක්‍රියා කරන’ බවට ද ඊශ්‍රායලය සනාථ වී තිබෙනවා.

ඉරානයට එරෙහි යුද්ධය සාරාංශ කරමින් ඊයේ (24) වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කර අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ, දින 12ක ගැටුම අවසන් කිරීම සඳහා එක්සත් ජනපදය මැදිහත් වූ සටන් විරාමයෙන් පසුව ඊශ්‍රායලය “ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර ගත්” බවත් එය “පරම්පරා ගණනාවක් පවතින” බවත්ය.

“අපි දැන් ක්‍රියා නොකළේ නම්” නුදුරු අනාගතයේ දී ඊශ්‍රායලය විනාශයට මුහුණ දෙනු ඇති බවත් බෙන්ජමින් නෙතන්යාහුගේ අදහසයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “පෙර නොවූ විරූ ආකාරයකින්” ක්‍රියා කළ බවත් ඊශ්‍රායලය ආරක්ෂා කිරීම හා ඉරානයේ න්‍යෂ්ටික තර්ජන ඉවත් කිරීමට ට්‍රම්ප් කළ කාර්‍යයභාරය අගය කළ යුතු බව ද ඊශ්‍රායලය වැඩිදුරටත් නිවේදනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53