අප්‍රේල් 3 ඉරිදා, හවස 3 ට මුලු රටම පාරට බහිනවා ? රට පුරාම යන රැල්ල මෙන්න

මේ වෙද්දි රටේ පැය දහයක විදුලි කප්පාදුවක් සිදුවෙනවා.
අද ඉවරයි හෙට ඉවරයි කියලා මැති ඇමතිවරු කිව්වත් ඉන්ධන ගැටලුවත් තවම විසඳිලා නෑ..
දිලුම් අමුණුගම ඇමතිවරයා පැවසුවේ ලබන 5 වැනිදා තෙක් ඉන්ධන නොමැති බවයි.
කොහොම වුණත් රට වටේම උද්ඝෝෂණද පැවැත්වෙනවා.
සමාජ මාධ්‍ය හරහා මේ වනවිට යම් පුවතක් පැතිර යමින් තිබෙනවා.
ඒ අප්‍රේල් 3 ඉරිදා සවස 3 ට මුලු රටම පාරට බහිනවා යනුවෙන් සටහනක් සමාජ මාධ්‍ය හා වට්ස්අප් හරහා හුවමාරු වෙමින් තිබෙනවා.
එම සටහන පහතින්…

දේශපාලනෙන් වැඩක් නෑ. මේ පාලනය ව්‍යවස්තානුකූලව වෙනස් වෙන්න තව සෑහෙන්න කල් තියනවා. ඒ වෙනකන් මේ විදිහට ගියොත් අපිට රටක් ඉතිරි වෙන්නෙ නෑ.
වෙන කරන්න දෙයක් නෑ. අප්‍රේල් 3, හවස 3 ට, රටම පාරට බහිනවා.
මේ වැඩේ සංවිධානය කරන්නෙ ඔබ සහ මම. අපි හැමෝටම පුද්ගලික දේශපාලන මතයක් තියෙන්න පුලුවන්. ඒක ඒ විදිහටම තියාගමු. ඒත් මේ වෙලාවෙ අපිට තියෙන්නෙ ජීවිතය ගැන ප්‍රශ්නයක්. අපි වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් අපේ අනාගතේ වෙනුවෙන් පාරට බහිමු

අපි හදලා තියනවා whatsapp group කීපයක් ගොඩක් නගර වලට. තමන්ට අදාල නගරයට අදාල group එකට join වෙන්න මේ link එකට යන්න. ඒවාගෙන් කතා වෙන්න තමන්ගෙ නගරයේ තමන් එකතු වෙන්නෙ මොන ස්ථානයට කියන එක.

  • හැමෝම පෝස්‍ටර් එකක් අරන් එන්න. තමන් ලියාගත්ත එකක්.
  • ඒ කිසිම පෝස්ටර් එකක දේශපාලන පක්ෂයක නමක් සඳහන් කරන්න එපා. මේක දේශපාලන පක්ශෙකින් කරන වැඩක් නෙමෙයි.
  • දන්න හැමෝම එක්කගන එන්න.
  • දරුවන්වත් එක්කගන එන්න. තමන්ගෙ අයිතීන් වෙනුවෙන්, වරදි දේට එරෙහි වෙන්න තමන්ගෙ දරුවන්ට කියා දෙන්න. ඒ වෙනුවෙන් කොන්දක් ඇති කර ගන්න දරුවන්ට කියා දෙන්න. අරගලයක් යනු වැරැද්දක් නොවන වග කියා දෙන්න.
  • මේ group වලට කඩාකප්පල්කාරීන් එකතු වෙයි. ඒ කිසිම දේකට සැලෙන්න එපා.
  • මොනා වුනත් අප්‍රේල් 3, හවස 3 ට මිනිස්සු පාරට බහිනවා.

මිනිස්සු පාරට බහිනවට ආණ්ඩු බයයි. අපිට මේක විහිලුවක් වෙන තාක් කල් උන් මේක ගණන් ගන්නෙ නෑ. හොඳට මතක තියා ගන්න, අප්‍රේල් 3, හවස 3 ට.

“යුගයක ඛේදවාචකය අයහපත් මිනිසුන්ගේ අයහපත් ක්‍රියා නොව, යහපත් මිනිසුන්ගේ නිහඬතාවයයි”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
910
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29