AFC Banner
Empty Ad
Empty Ad

අපට ඕනේ මොඩර්නා – සරසවි සිසුන් එන්නත්කරණ මධ්‍යස්ථානය දෙවනත් කරයි

සිය කොවිඩ් මර්දන එන්නත ලෙස මොඩර්නා එන්නත ලබාගැනීමට පැමිණි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් හේතුවෙන් අද (25) උදෑසන නාරාහේන්පිට යුද හමුදා රෝහලේ පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානයේදී නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබුණි. 

ඒ අදාළ එන්නත එම මධ්‍යස්ථානයෙන් ලබානොදෙන බවට යුද හමුදා රෝහලේ නිලධාරියෙකු ප්‍රකාශ කිරීමත් සමගය.

නාරාහේන්පිට යුද හමුදා රෝහලට අද පෙරවරුවේ විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් විශාල වශයෙන් පැමිණ තිබුණි.

කෙසේවෙතත් අදාල එන්නත එම මධ්‍යස්ථානයෙන් ලබානොදෙන බවට ප්‍රකාශවීමත් සමග එහි නොසන්සුන් තත්ත්වයක් ඇති වුණි.

එහි පැමිණි සිසුන් පිරිසක් ප්‍රකාශ කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ ලිපි ශිර්ෂය යටතේ නිකුත් කළ දැනුම්දීමක් අනුව තමන් එන්නත් ලබාගැනීම සඳහා පැමිණි බවය.

එම ලිපියේ සටහන්ව ඇත්තේ අද සහ හෙට (26) යන දෙදින තුළ පස්වරු 4දක්වා යුද හමුදා රෝහලේදී මොඩර්නා එන්නත ලබාගත හැකි බවය.

ශිෂ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් එන්නත් ලබා ගත හැකි බවද කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරියගේ නම සටහන් කරමින් නිකුත් කර තිබුණු ලිපියේ සටහන් කර තිබුණි.

එහි පැමිණ සිටි සිසුන් ප්‍රශ්න කළේ ඊයේ මොඩර්නා එන්නත ලබාදී තිබුණේ කුමණ පදනමක් යටතේ ද යන්නය.

එහිදී යුද හමුදා නිලධාරියෙක් සඳහන් කළේ ගුවන් ගමන් බලපත්‍ර තිබූ දරුවන්ට එලෙස එන්නත ලබාදුන් බවය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10
Video thumbnail
අගමැතිනිය සහ ඇමති විජිත ජනපති ඉදිරියේ දිව්රුම් දීපු සම්පුර්ණ වීඩියෝව
04:04
Video thumbnail
මෙන්න මාලිමා ආණ්ඩුවේ ඇමතිකම් බෙදුණු හැටි
02:16

?