අපට ඕනේ මොඩර්නා – සරසවි සිසුන් එන්නත්කරණ මධ්‍යස්ථානය දෙවනත් කරයි

සිය කොවිඩ් මර්දන එන්නත ලෙස මොඩර්නා එන්නත ලබාගැනීමට පැමිණි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් හේතුවෙන් අද (25) උදෑසන නාරාහේන්පිට යුද හමුදා රෝහලේ පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානයේදී නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබුණි. 

ඒ අදාළ එන්නත එම මධ්‍යස්ථානයෙන් ලබානොදෙන බවට යුද හමුදා රෝහලේ නිලධාරියෙකු ප්‍රකාශ කිරීමත් සමගය.

නාරාහේන්පිට යුද හමුදා රෝහලට අද පෙරවරුවේ විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් විශාල වශයෙන් පැමිණ තිබුණි.

කෙසේවෙතත් අදාල එන්නත එම මධ්‍යස්ථානයෙන් ලබානොදෙන බවට ප්‍රකාශවීමත් සමග එහි නොසන්සුන් තත්ත්වයක් ඇති වුණි.

එහි පැමිණි සිසුන් පිරිසක් ප්‍රකාශ කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ ලිපි ශිර්ෂය යටතේ නිකුත් කළ දැනුම්දීමක් අනුව තමන් එන්නත් ලබාගැනීම සඳහා පැමිණි බවය.

එම ලිපියේ සටහන්ව ඇත්තේ අද සහ හෙට (26) යන දෙදින තුළ පස්වරු 4දක්වා යුද හමුදා රෝහලේදී මොඩර්නා එන්නත ලබාගත හැකි බවය.

ශිෂ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් එන්නත් ලබා ගත හැකි බවද කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරියගේ නම සටහන් කරමින් නිකුත් කර තිබුණු ලිපියේ සටහන් කර තිබුණි.

එහි පැමිණ සිටි සිසුන් ප්‍රශ්න කළේ ඊයේ මොඩර්නා එන්නත ලබාදී තිබුණේ කුමණ පදනමක් යටතේ ද යන්නය.

එහිදී යුද හමුදා නිලධාරියෙක් සඳහන් කළේ ගුවන් ගමන් බලපත්‍ර තිබූ දරුවන්ට එලෙස එන්නත ලබාදුන් බවය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05