අපචාර චෝදනාවකට වරද පිළිගත් හිමි නමකට අධිකරණයෙන් නියෝගයක්

බාලවයස්කාර දරුවකුට බරපතල ලිංගික අපචාරයක් සිදු කිරීම සහ බාලවයස්කාර සාමනේර හිමි නමකට පහර දී තුවාල සිදු කිරීමේ චෝදනාවට අදාළව වෙන් වෙන් වශයෙන් පවරා තිබූ නඩු දෙකකට වරද පිළිගත් හිමි නමකට කොළඹ මහාධිකරණය විසින් අද අත්හිටවූ සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 6ක වන්දියක් මෙන්ම දඩ මුදල් ගෙවන ලෙස නියෝග කළා.

බාල වයස්කාර දරුවෙකුට බරපතල ලිංගික අපචාරයක් සිදු කිරීම සම්බන්ධයෙන් අදාළ හිමිනමට එරෙහිව ගොනුකර තිබූ එක් නඩුවක් අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට කරුණු දක්වමින් කියාසිටියේ විත්තිකරු තමන්ට එල්ල වී තිබෙන චෝදනා තුනටම වරද පිළිගන්නා බවයි.

ඒ අනුව අදාළ චෝදනා තුනටම විත්තිකරු වරදකරු කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඔහුට මාස 18ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවීමට ද නියෝග කළා.

ඊට අමතරව රුපියල් ලක්ෂ පහක වන්දියක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල අගතියට පත් පාර්ශවයට ගෙවන ලෙසත් නියෝග කර තිබෙනවා.

එමෙන්ම විනිසුරුවරයා විසින් විත්තිකරුට රුපියල් 3000ක දඩයක් ද නියම කරනු ලැබුවා.

ඉන් අනතුරුව 2016 වසරේ සිය විහාරස්ථානයේ වැඩ වාසය කළ සාමනේර හිමි නමකට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව විත්තිකාර හිමිනමට එරෙහිව ගොනු කර තිබූ තවත් නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම චෝදනාවලට ද විත්තිකාර හිමි නම වරද පිළිගත් අතර ඒ අනුව වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර එම දඬුවම වසර පහකට අත්හිටුවන ලෙස විනිසුරුවරයා විසින් නියෝග කළා.

ඊට අමතරව පහර කෑමට ලක්වූ බාල වයස්කරුට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසටයි විත්තිකරුට නියෝග කෙරුණේ.

මීට අමතරව රුපියල් දෙදහසක දඩයක් ගෙවන ලෙසත් විනිසුරුවරයා විසින් හිමි නමකට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබයේ පිරිසක් ජනපතිට හොඳවයින් අමතයි
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56