අපකීර්තියට පත්වූ ජනපතිවරයෙකුට යළි තනතුරක්

දකුණු අප්‍රිකාවේ අපකීර්තියට පත් ජනාධිපතිවරයෙකු වන සිරිල් රමෆෝසා ඔහුගේ ආධාරකරුවන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ පාලක ANC හි නායකයා ලෙස නැවත තේරී පත් වී තිබෙනවා.

ඔහු සිය ප්‍රතිවාදියා වූ Zweli Mkhize ඡන්ද 1,897කින් පරාජය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා එල්ලවූ රමෆෝසා මහතා ජයග්‍රහණය කළේ දූෂණ චෝදනාවලට ලක්ව සිටින ම්ඛයිස්ට අවසන් මොහොතේ සහය දැක්වීමෙන්. දෙදෙනාම ඔවුන්ට එල්ලවී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

මෙම ජයග්‍රහණය හමුවේ ඔහුට 2024 මැතිවරණයේදී ANC නායකත්වය මෙහෙයවීමේ හැකියාව ලැබෙනවා.

කෙසේවෙතත් ඔහුගේ පෞද්ගලික ගොවිපළේ සෝෆා එකක අවම වශයෙන් ඩොලර් 580,000ක් වත් සඟවා තබා එය වසන් කළ බවට වූ චෝදනා සම්බන්ධයෙන් පොලිසිය, බදු කාර්යාලය සහ මහ බැංකුව විසින් තවමත් විමර්ශනය කරන බැවින් ඔහු තවදුරටත් පසුවන්නේ අවදානම් මට්ටමේයි.

පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් පත් කරන ලද නීති විශාරද මණ්ඩලයක් ප්‍රකාශ කළේ සිරිල් රමෆෝසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සහ දූෂණ විරෝධී නීති කඩ කිරීම යන දෙකම සිදු කළ බැවින් ඔහුට තවමත් නීතිමය කටයුතුවලින් අවදානමක් පවතින බවයි.

ඔහු ANC නායකත්වයට පත්වීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඔහුගේ ආධාරකරුවන් ගී ගයමින් නර්ථනයේ නිරතව තිබෙනවා.

2017 වසරේදී පාලක පක්ෂය වන අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නායකත්වයට ප්‍රථම වරට ඉදිරිපත් වූ විට වඩා විශාල ඡන්ද සංඛ්‍යාවකින් සිරිල් රමෆෝසා ජයග්‍රහණය කළා.

කමිටුවේ සොයාගැනීම් ප්‍රතික්ෂේප කිරීම සඳහා සිය පාර්ලිමේන්තු බහුතරය භාවිතා කිරීම මගින් රමෆෝසාගේ නැවත තේරී පත්වීමේ උත්සාහය ද .

ANC කමිටුවේ සොයාගැනීම් ප්‍රතික්ෂේප කිරීම සඳහා සිය පාර්ලිමේන්තු බහුතරය භාවිතා කිරීම මගින් රමෆෝසා මහතාගේ නැවත තේරී පත්වීමේ උත්සාහය ශක්තිමත්ය වූ බව සඳහන්.

එල්ල වන චෝදනා ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති අතර, කමිටු වාර්තාව අවලංගු කිරීමට නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ඩොලර් 580,000 මී හරකුන් විකිණීමෙන් ලැබුණු බවයි ඔහු ප්‍රකාශ කළේ. නමුත් කමිටු මණ්ඩලය පැවසුවේ ගනුදෙනුවක් සිදු වූයේද යන්න පිළිබඳව සැලකිය යුතු සැකයක් පවතින බවයි.

කොවිඩ්-19 වසංගතයට එරෙහිව කටයුතු කිරීම සඳහා වෙන් කර ඇති මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත පසුගිය වසරේ ඉල්ලා අස්වීමට බල කෙරෙන තෙක් රමෆෝසාගේ රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා වූයේ ම්ඛයිස් මහතායි.

ඔහුද චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුගේ ආධාරකරුවන් මෙම චෝදනා හඳුන්වා දී ඇත්තේ ඔහුව අපකීර්තියට පත් කිරීමේ උත්සාහයක් ලෙසින්.

රමෆෝසා ජයග්‍රහණය කිරීමේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු Mkhizeගේ ඇතැම් ආධාරකරුවන් තුෂ්නිම්භූත වූ බවක් පෙනෙන්නට තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සමුළුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට මද වේලාවකට පෙර සිදු වූ ගනුදෙනුවලදී අනෙකුත් ප්‍රබල නායකයින්ට ප්‍රධාන තනතුරු පිරිනැමීමෙන් පසු ඔවුන් ද ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයෙන් සිටි බව සඳහන්.

දෙපාර්ශ්වයම ඡන්දය මිලදී ගැනීමේ චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

1994 දී සුදු-සුළුතර පාලනය අවසන් වූ දා සිට ANC පක්ෂය බලයේ සිටින අතර 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී හයවන වාරයක් ලබා ගැනීමට ද අපේක්ෂා කරනවා.

එහෙත් මත විමසුම්වලින් පෙනී යන්නේ රජයේ පුළුල් දූෂණය, ඉහළ විරැකියාව සහ දුර්වල රාජ්‍ය සේවා – නිරන්තර විදුලි කප්පාදුව ඇතුළුව එහි ඡන්දය සැලකිය යුතු ලෙස හැකිලී ඇති බවයි.

ANC විසින් නව නියෝජ්‍ය නායකයෙකු තෝරා පත් කර ගත් අතර, ඔහු රමෆෝසාගේ හිතවතෙකු වූ අපේක්ෂකයා පරාජය කළා.

Mashatile මහතා දැන් දකුණු අප්‍රිකාවේ නියෝජ්‍ය ජනාධිපති වීමට ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා වන අතර, රමෆෝසාට බලයෙන් ඉවත් වීමට සිදු වුවහොත් ජනාධිපතිවරයා බවට පත් වනවා.

ජනාධිපතිවරයාගේ හිතවතුන් පක්ෂයේ මහලේකම් සහ ජාතික සභාපති ඇතුළු අනෙකුත් බලගතු තනතුරු දිනා ගෙන තිබෙනවා.

පැරදුණු අපේක්ෂකයින් පසුව පැවති සමුළුවකින් පසු එකමුතුකම පෙන්වමින් ජයග්‍රාහකයින් වැලඳ ගත් බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?