අපකීර්තියට පත්වූ ජනපතිවරයෙකුට යළි තනතුරක්

දකුණු අප්‍රිකාවේ අපකීර්තියට පත් ජනාධිපතිවරයෙකු වන සිරිල් රමෆෝසා ඔහුගේ ආධාරකරුවන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ පාලක ANC හි නායකයා ලෙස නැවත තේරී පත් වී තිබෙනවා.

ඔහු සිය ප්‍රතිවාදියා වූ Zweli Mkhize ඡන්ද 1,897කින් පරාජය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා එල්ලවූ රමෆෝසා මහතා ජයග්‍රහණය කළේ දූෂණ චෝදනාවලට ලක්ව සිටින ම්ඛයිස්ට අවසන් මොහොතේ සහය දැක්වීමෙන්. දෙදෙනාම ඔවුන්ට එල්ලවී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

මෙම ජයග්‍රහණය හමුවේ ඔහුට 2024 මැතිවරණයේදී ANC නායකත්වය මෙහෙයවීමේ හැකියාව ලැබෙනවා.

කෙසේවෙතත් ඔහුගේ පෞද්ගලික ගොවිපළේ සෝෆා එකක අවම වශයෙන් ඩොලර් 580,000ක් වත් සඟවා තබා එය වසන් කළ බවට වූ චෝදනා සම්බන්ධයෙන් පොලිසිය, බදු කාර්යාලය සහ මහ බැංකුව විසින් තවමත් විමර්ශනය කරන බැවින් ඔහු තවදුරටත් පසුවන්නේ අවදානම් මට්ටමේයි.

පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් පත් කරන ලද නීති විශාරද මණ්ඩලයක් ප්‍රකාශ කළේ සිරිල් රමෆෝසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සහ දූෂණ විරෝධී නීති කඩ කිරීම යන දෙකම සිදු කළ බැවින් ඔහුට තවමත් නීතිමය කටයුතුවලින් අවදානමක් පවතින බවයි.

ඔහු ANC නායකත්වයට පත්වීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඔහුගේ ආධාරකරුවන් ගී ගයමින් නර්ථනයේ නිරතව තිබෙනවා.

2017 වසරේදී පාලක පක්ෂය වන අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නායකත්වයට ප්‍රථම වරට ඉදිරිපත් වූ විට වඩා විශාල ඡන්ද සංඛ්‍යාවකින් සිරිල් රමෆෝසා ජයග්‍රහණය කළා.

කමිටුවේ සොයාගැනීම් ප්‍රතික්ෂේප කිරීම සඳහා සිය පාර්ලිමේන්තු බහුතරය භාවිතා කිරීම මගින් රමෆෝසාගේ නැවත තේරී පත්වීමේ උත්සාහය ද .

ANC කමිටුවේ සොයාගැනීම් ප්‍රතික්ෂේප කිරීම සඳහා සිය පාර්ලිමේන්තු බහුතරය භාවිතා කිරීම මගින් රමෆෝසා මහතාගේ නැවත තේරී පත්වීමේ උත්සාහය ශක්තිමත්ය වූ බව සඳහන්.

එල්ල වන චෝදනා ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති අතර, කමිටු වාර්තාව අවලංගු කිරීමට නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ඩොලර් 580,000 මී හරකුන් විකිණීමෙන් ලැබුණු බවයි ඔහු ප්‍රකාශ කළේ. නමුත් කමිටු මණ්ඩලය පැවසුවේ ගනුදෙනුවක් සිදු වූයේද යන්න පිළිබඳව සැලකිය යුතු සැකයක් පවතින බවයි.

කොවිඩ්-19 වසංගතයට එරෙහිව කටයුතු කිරීම සඳහා වෙන් කර ඇති මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත පසුගිය වසරේ ඉල්ලා අස්වීමට බල කෙරෙන තෙක් රමෆෝසාගේ රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා වූයේ ම්ඛයිස් මහතායි.

ඔහුද චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුගේ ආධාරකරුවන් මෙම චෝදනා හඳුන්වා දී ඇත්තේ ඔහුව අපකීර්තියට පත් කිරීමේ උත්සාහයක් ලෙසින්.

රමෆෝසා ජයග්‍රහණය කිරීමේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු Mkhizeගේ ඇතැම් ආධාරකරුවන් තුෂ්නිම්භූත වූ බවක් පෙනෙන්නට තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සමුළුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට මද වේලාවකට පෙර සිදු වූ ගනුදෙනුවලදී අනෙකුත් ප්‍රබල නායකයින්ට ප්‍රධාන තනතුරු පිරිනැමීමෙන් පසු ඔවුන් ද ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයෙන් සිටි බව සඳහන්.

දෙපාර්ශ්වයම ඡන්දය මිලදී ගැනීමේ චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

1994 දී සුදු-සුළුතර පාලනය අවසන් වූ දා සිට ANC පක්ෂය බලයේ සිටින අතර 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී හයවන වාරයක් ලබා ගැනීමට ද අපේක්ෂා කරනවා.

එහෙත් මත විමසුම්වලින් පෙනී යන්නේ රජයේ පුළුල් දූෂණය, ඉහළ විරැකියාව සහ දුර්වල රාජ්‍ය සේවා – නිරන්තර විදුලි කප්පාදුව ඇතුළුව එහි ඡන්දය සැලකිය යුතු ලෙස හැකිලී ඇති බවයි.

ANC විසින් නව නියෝජ්‍ය නායකයෙකු තෝරා පත් කර ගත් අතර, ඔහු රමෆෝසාගේ හිතවතෙකු වූ අපේක්ෂකයා පරාජය කළා.

Mashatile මහතා දැන් දකුණු අප්‍රිකාවේ නියෝජ්‍ය ජනාධිපති වීමට ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා වන අතර, රමෆෝසාට බලයෙන් ඉවත් වීමට සිදු වුවහොත් ජනාධිපතිවරයා බවට පත් වනවා.

ජනාධිපතිවරයාගේ හිතවතුන් පක්ෂයේ මහලේකම් සහ ජාතික සභාපති ඇතුළු අනෙකුත් බලගතු තනතුරු දිනා ගෙන තිබෙනවා.

පැරදුණු අපේක්ෂකයින් පසුව පැවති සමුළුවකින් පසු එකමුතුකම පෙන්වමින් ජයග්‍රාහකයින් වැලඳ ගත් බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16