හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කළා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද (23) පස්වරුවේ අදාළ නියෝගය නිකුත් කරමින් විත්තිකරුවන්ට විදෙස්ගත වීම වළක්වමින් තහනම් නියෝගයක් ද නිකුත් කළ බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.
එමෙන්ම විත්තිකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාරදෙන ලෙසටත්, සෑම ඉරිදා දිනකම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය යටතේ පෙනී සිටින ලෙසටත් නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුවේ සාපරාධී මූල්‍ය පරිහරණ චෝදනා මත හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන අද දහවල් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි මෙම නියෝගය හිමිවූයේ.
2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් හැටඑක් ලක්ෂ හතළිස් හයදහස් එකසිය දහයක මුදලක් ලබාගෙන, එම කටයුත්ත සඳහා භාවිතා නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු සිදු කිරීම හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳට එල්ල වී තිබෙන මූල්‍ය චෝදනා වනවා.