අනුරාධපුර සතොස අලෙවිසැලක් බිඳ මත්පැන් තොගයක් පැහැර ගෙන යයි

අනුරාධපුර නගරයේ සතොස අලෙවිසැලක මත්පැන් ගබඩා කර ඇති අංශය බලහත්කාරයෙන් විවෘත කර මත්පැන් තොගයක් පැහැර ගෙන යාමේ සිද්ධියක් වාර්තා වනවා.

පෙරේදා දිනයේ සතොස අලෙවිසැල වසා තිබියදී මෙම සොරකම සිදුව ඇති අතර, එහිදී ගබඩා කර තිබූ මත්පැන් විශාල තොගයක් රැගෙන ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මෙලෙස කොල්ලකෑමට ලක්ව ඇත්තේ අනුරාධපුර අංක 01 සතොස ශාඛාවේ මත්පැන් ගබඩාවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ද පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?