Empty Ad
AFC Banner
Empty Ad

අනුරාධපුර විශේෂඥ වෛද්‍යවරියගේ සිද්ධියට ඇල්ලූ සැකකරුගෙන් අධිකරණයට ඉල්ලීමක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකට අකටයුතුකම් කළ බවට චෝදනා ලැබූ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී වෛද්‍යවරිය විසින් හඳුනාගැනීමෙන් පසුව එම සැකකරුට විශේෂ ප්‍රකාශයක් ලබාදීමට ඇති බවට සැකකරු විසින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ සැකකරු අද (28) දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මහේස්ත්‍රාත් නිල කාමරේ දී හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවතීමෙන් අනතුරුව එම වින්දිත පාර්ශ්වය විසින් සැකකරුව හඳුනාගත්තා.

මීට පෙර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ හඳුනා ගැනීමේ පෙරට්ටු දෙකක දී වින්දිත තැනැත්තිය එම හඳුනා ගැනීමේ පෙරට්ටු සඳහා ඉදිරිපත් නොවීම හේතුවෙන් එය අද දිනය දක්වා කල් තැබීමටයි නඩු වාරවල දී තීරණය කෙරුණේ.

සැකකරුව අප්‍රේල් මස 10 වැනි දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබුවා.

අධිකරණ විභාගය අතරතුර දී සැකකරුට විශේෂ ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් ඒ සඳහා අවස්ථාව පවතින බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබුණා.

මෙම වින්දිත පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස හා තිනෙත් කොරසගල්ල, නීතිඥ කූජන බානගොඩ, රොෂාන් විජයගාමිණි, සුභාෂිණි වීරක්කොඩි යන නීතිඥවරුන් පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී සිටියේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
1
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?