අනුරාධපුර විශේෂඥ වෛද්‍යවරියගේ සිද්ධියට ඇල්ලූ සැකකරුගෙන් අධිකරණයට ඉල්ලීමක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකට අකටයුතුකම් කළ බවට චෝදනා ලැබූ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී වෛද්‍යවරිය විසින් හඳුනාගැනීමෙන් පසුව එම සැකකරුට විශේෂ ප්‍රකාශයක් ලබාදීමට ඇති බවට සැකකරු විසින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ සැකකරු අද (28) දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මහේස්ත්‍රාත් නිල කාමරේ දී හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවතීමෙන් අනතුරුව එම වින්දිත පාර්ශ්වය විසින් සැකකරුව හඳුනාගත්තා.

මීට පෙර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ හඳුනා ගැනීමේ පෙරට්ටු දෙකක දී වින්දිත තැනැත්තිය එම හඳුනා ගැනීමේ පෙරට්ටු සඳහා ඉදිරිපත් නොවීම හේතුවෙන් එය අද දිනය දක්වා කල් තැබීමටයි නඩු වාරවල දී තීරණය කෙරුණේ.

සැකකරුව අප්‍රේල් මස 10 වැනි දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබුවා.

අධිකරණ විභාගය අතරතුර දී සැකකරුට විශේෂ ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් ඒ සඳහා අවස්ථාව පවතින බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබුණා.

මෙම වින්දිත පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස හා තිනෙත් කොරසගල්ල, නීතිඥ කූජන බානගොඩ, රොෂාන් විජයගාමිණි, සුභාෂිණි වීරක්කොඩි යන නීතිඥවරුන් පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී සිටියේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
1
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07