අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා මේ මස 13 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව නියෝග කර තිබෙනවා.
ඒ අනුව සැකකරුව බෝගම්බර බන්ධනාගාරය වෙත යොමු කරන ලෙසයි නියෝග කර ඇත්තේ.
ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශනවලට අදාළව මෙම සැකකරුව අත්අඩංගුවට ගනු ලැබුවා.
රජය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා විසින් සැකකරුව දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කරමින් මේ මස 13 වන දින දක්වා සැකකරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.





