අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණු අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට මේ වනවිට අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.
අධිකරණය වෙත රැගෙන ඒමට පෙර ඔහුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කළ බවයි ‘දසත නිවුස්’ අනුරාධපුර වාර්තාකරු සඳහන් කළේ.
අනුරාධපුර මහාධිකරණය විසින් වරදකරුකර සිරදඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු ජනාධිපති සමාව හිමි වූ බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර බන්ධනාගාරයෙන් නිදහස් කිරීමේ චෝදනාවට අදාළව ඔහුව ඊයේ (08) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1





