අනුරාධපුර පූජා නගරයේ අවිධිමත් ඉදිකිරීම් ගැන මහ නාහිමිවරු අප්‍රසාදය පළකරති

අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව එහි සැලැස්මට පිටින් සිදුවන අවිධිමත් ඉදිකිරීම්වලට එරෙහිව අධිකරණයට යාමට වුවත් සූදානම් බව රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව හමුවේ ප්‍රකාශ කළහ.

පූජා භූමිය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරෙමින් තිබෙන ඇතැම් සැලසුම් සම්බන්ධයෙන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ද සිය අප්‍රසාදය පළ කර සිටිහ.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ වෙසෙන අනුරාධපුර පූජා නගරය දෙස් විදෙස් සැදැහැවතුන් සහ සංචාරකයන් රැසක් නිතර සැරිසරන ප්‍රදේශයකි.

එහි සංවර්ධන කටයුතු සිදුකෙරෙන්නේ අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව මගින් ගනු ලබන තීරණවලට අනුකූලවය.

කෙසේ වෙතත් සමාධි පිළිමවහන්සේ, කූට්ටම් පොකුණ සහ සඳකඩ පහණ පරිශ්‍රය ආශ්‍රිතව අවිධිමත්ව වෙළෙඳ කුටි ඉදිකිරීම ඇතුළුව දැනට ක්‍රියාත්මක ඇතැම් සැලසුම් සම්බන්ධයෙන් නා හිමිවරුන් දෙපළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එම කමිටුව වෙත සිය අප්‍රසාදය පළ කළහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?