අනුරපුර දිස්ත්‍රික්කයේ ළමා හා කාන්තා අපයෝජනවල ඉහළයාමක්

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ළමා හා කාන්තා අපයෝජනයන්ගේ ඉහළයාමක් පෙන්නුම්කරන බව දිස්ත්‍රික් ළමා හා කාන්තා කාර්යංශය සදහන් කරනවා.

ඒ, අනුව 2023 වසරේ පළමු මාස 04ක කාලය තුළ පමණක් ළමා හා කාන්තා අපයෝජන සම්බන්ධයෙන් වන පැමිණිලි 74ක් වාර්තා වී ඇති බවයි එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

එම තත්ත්වය පසුගිය වසරේ එම කාලයට වඩා සිදුවීම් 21ක වැඩිවීමක්.

අනුරාධපුර දිස්ත්‍රික් ළමා හා කාන්තා කමිටු රැස්වීමේ දී මේ බව අනාවරණය වුණා.

අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) ශමිලා වික්‍රමාරච්චිගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටු රැස්වීම පවත්වනු ලැබුවා.

ගර්භණී තත්ත්වයට පත්වන කාන්තාවන් සම්න්ධයෙන් විශේෂ වැඩසටහනක් දියත් කළ යුතු බව මෙම අවස්ථාවට එක්ව සිටි උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පාලිත බණ්ඩාර සදහන් කළා.

දරවෙකු පිළිසිද ගත් අවස්ථාවේ සිට මවගේ සිතුම් පැතුම් මෙන්ම ක්‍රියාකාරීත්වද දරුවාට සම්ප්‍රේෂණය වන බැවින් සෑම ගැබිණි මවකගේම මානසික සෞඛ්‍ය රැක ගැනීම වඩාත් වැදගත් බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මේ අතර වර්තමානය වන විට නූතන පරපුර අන්තර්ජාලයට දැඩි ලෙස ඇබ්බැහිවී සිටීමේ තත්ත්වයක් දක්නට ඇති බවත්, ඉන් ඔවුන් මුදා ගැනීමේ වැඩ පිළිවෙලක් සකස් කළ යුතු බවද ඔහු අවධාරණය කර සිටියා.

දෙමව්පියන්ට දරුවන්ගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් මනා වැටහීමක් නොමැති කම හේතුවෙන් දරුවන් වැඩි වශයෙන් මානසික රෝගීන් බවට පත් විය හැකි බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
3
+1
7
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?