අනුරපුර දිස්ත්‍රික්කයේ ළමා හා කාන්තා අපයෝජනවල ඉහළයාමක්

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ළමා හා කාන්තා අපයෝජනයන්ගේ ඉහළයාමක් පෙන්නුම්කරන බව දිස්ත්‍රික් ළමා හා කාන්තා කාර්යංශය සදහන් කරනවා.

ඒ, අනුව 2023 වසරේ පළමු මාස 04ක කාලය තුළ පමණක් ළමා හා කාන්තා අපයෝජන සම්බන්ධයෙන් වන පැමිණිලි 74ක් වාර්තා වී ඇති බවයි එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

එම තත්ත්වය පසුගිය වසරේ එම කාලයට වඩා සිදුවීම් 21ක වැඩිවීමක්.

අනුරාධපුර දිස්ත්‍රික් ළමා හා කාන්තා කමිටු රැස්වීමේ දී මේ බව අනාවරණය වුණා.

අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) ශමිලා වික්‍රමාරච්චිගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටු රැස්වීම පවත්වනු ලැබුවා.

ගර්භණී තත්ත්වයට පත්වන කාන්තාවන් සම්න්ධයෙන් විශේෂ වැඩසටහනක් දියත් කළ යුතු බව මෙම අවස්ථාවට එක්ව සිටි උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පාලිත බණ්ඩාර සදහන් කළා.

දරවෙකු පිළිසිද ගත් අවස්ථාවේ සිට මවගේ සිතුම් පැතුම් මෙන්ම ක්‍රියාකාරීත්වද දරුවාට සම්ප්‍රේෂණය වන බැවින් සෑම ගැබිණි මවකගේම මානසික සෞඛ්‍ය රැක ගැනීම වඩාත් වැදගත් බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මේ අතර වර්තමානය වන විට නූතන පරපුර අන්තර්ජාලයට දැඩි ලෙස ඇබ්බැහිවී සිටීමේ තත්ත්වයක් දක්නට ඇති බවත්, ඉන් ඔවුන් මුදා ගැනීමේ වැඩ පිළිවෙලක් සකස් කළ යුතු බවද ඔහු අවධාරණය කර සිටියා.

දෙමව්පියන්ට දරුවන්ගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් මනා වැටහීමක් නොමැති කම හේතුවෙන් දරුවන් වැඩි වශයෙන් මානසික රෝගීන් බවට පත් විය හැකි බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
3
+1
7
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07