AFC Banner
Empty Ad
Empty Ad

අනියම් පෙම ඝාතනයකින් කෙළවර වූ හැටි

ඇන්දාන, මඩලගම ජනපදය ප්‍රදේශයේ දී පොල්ලකින් පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පසුගිය 16 වනදා මෙම පහරදීම සිදුකර ඇති අතර, පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ කහවත්ත රෝහලටයි.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා ඊයේ (17) මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ කහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා සහ පහරදීම සිදුකළ සැකකරුගේ බිරිඳ අතර පැවති අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අපරාධය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඊයේ (17) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇන්දාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?