අනියම් පෙම ඝාතනයකින් කෙළවර වූ හැටි

ඇන්දාන, මඩලගම ජනපදය ප්‍රදේශයේ දී පොල්ලකින් පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පසුගිය 16 වනදා මෙම පහරදීම සිදුකර ඇති අතර, පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ කහවත්ත රෝහලටයි.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා ඊයේ (17) මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ කහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා සහ පහරදීම සිදුකළ සැකකරුගේ බිරිඳ අතර පැවති අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අපරාධය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඊයේ (17) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇන්දාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57