අනියම් පෙමේ පැටළුණු බිරිඳට සහ පෙම්වතාට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්

තම බිරිඳව සහ ඇය සමඟ අනියම් සම්බන්ධතාවයක් පැවැත් වූ බව කියන පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා බරපතළ තුවාල සිදුකළ බව කියන සැමියෙක් අත්අඩංගුවට ගැනීමට ආරච්චිකට්ටුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ආරච්චිකට්ටුව – වෛරන්කට්ටුව ප්‍රදේශයේ පාළු මාර්ගයක දී ඊයේ (06) රාත්‍රියේ සැකකරු විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ආරච්චිකට්ටුව, වෛරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක කාන්තාව සහ වයස අවුරුදු 39ක පිරිමි පුද්ගලක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

පිහි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ දෙදෙනා ආනවිළුන්දාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

මෙම කාන්තාව සහ පිරිමි පුද්ගලයා අසල්වැසියන් බවත්, ඔවුන් දෙදෙනා අතර කාලයක සිට අනියම් සම්බන්ධතාවයක් තිබී ඇති බවයි පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.

මොවුන් දෙදෙනාටම විවාහ වන වයසේ දරුවන් සිටින බව ද පොලීසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරච්චිකට්ටුව පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?