අනියම් පෙමින් වෙළෙද්දී අවසන් ගමන් ගිය මාතලේ යුවළ

මාතලේ ඇල්කඩුව ප්‍රදේශයේ ලදු කැලැවක තිබි කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරු දෙකක් ලද තොරතුරුක් අනුව ඊයේ (04දා) සොයා ගත් බව පොලිසිය කියයි.

ප්‍රදේශයේ දර කැඩිමට ගිය අයෙකු විසින් මෙම මළ සිරුරු දැක පොලිසියට දන්වා ඇති අතර දින කිහිපයකට පෙර දෙදෙනා විසින් වස පානය කර ඇති බව මුලික පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.

මෙසේ මිය‍ගොස් ඇත්තේ ඇල්කඩුව හුණුගල පාර පදිංචි අජිත් කුමාර නැමති 40 හැවිරිදි විවාහක එක් දරු අයෙකු බවත් මිය ගිය කාන්තාව ඇල්කඩුව වත්ත හපුවිද කොටසේ පදිංචි ජේ විජයකුමාරි 31 හැවිරිදි විවාහක කාන්තවක් බවද මේ වන විට හදුනාගෙන ඇති බවද‍ පොලිසිය කියයි.

අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් මත මෙම මෙම මරණ සිදුව ඇති බව පරික්ෂණවලදි හෙළිවි ඇති බවද පොලිසිය කියයි.

මළ සිරුරු පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට නියමිත අතර මාතලේ මුලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?