අනියම් පෙම්වතා සැමියාගේ ත්‍රිරෝදයෙන්ම ගෙදර ඇවිත්

මුහුණු පොතෙන් හමුවූ අනියම් පෙම්වතා සිය සැමියාගේ ත්‍රිරෝද රථයෙන් නිවසට පැමිණි අවස්ථාවේ දෙවියන් සිහි වූ කාන්තාවක පිළිබඳව කොළඹට නුදුරු ගමකින් වාර්තා වන සිදුවීමකි.

සිද්ධිය මෙසේය,


ඔහු ත්‍රිරෝද රථ රැකියාවේ නිරත වූවෙකි. මෑතකදී විවාහ වී ඇති අතර බිරිඳ රූමත් ඔහුට වඩා බෙහෙවින් වයසින් අඩු තරුණියකි. ඔහු උදෑසන ත්‍රිරෝද රථය රැගෙන ප්‍රදේශයේ ත්‍රිරෝද ගාල වෙත යන අතර බිරිඳ නිවසේ සිට දවස පුරාම මුහුණු පොතේ කාලය ගත කරන්නීය. ඇයගේ රූමත් ඡායාරූප මුහුණු පොතේ දිනපතා පළවූ අතර ඇතැම් තරුණයන් ඇගේ රූමත් කම දැක මුහුණු පොතෙන් ඇය සමග සබඳතා ගොඩනගා ගැනීමට උත්සාහ කර තිබේ. එලෙස සබඳතා ගොඩනගා ගැනීමට උත්සාහ දැරූ තරුණයකු පිළිබඳව ඇයට සිතක් ඇති වී පසුව එය ප්‍රේමයක් දක්වා වර්ධනය වී තිබේ.


කෙසේ වෙතත් ඇය මුහුණු පොතේ හෝ එම තරුණයාට කිසිම විටකදී තමා විවාහක කතක් බව හඟවා නොමැත. ඔහු නිතරම ඇයට ඇවිටිලි කර ඇත්තේ ඇය මුණගැසීමට අවශ්‍ය බවය.


 සැමියා උදේ ගොස් හවස පැමිණෙන බැවින් කිසිදු බාධාවක් නොමැති බැව් දැනගත් ඇය ඔහුට ඇය සිටින නිවසට පැමිණෙන මාර්ගය කියා දිවා කාලයේ පැමිණෙන ලෙස දන්වා තිබේ .


නියමකර ගත් දින ඇය ඔහු පැමිණෙන තුරු බලා සිටි අතර  ඇය සොයා පැමිණි තරුණයා ඇගේ නිවසට යාමට ගොඩවී ඇත්තේ ඇයගේ සැමියාගේ ත්‍රිරෝද රථයටය.


කිසිවක් නොදත් ඔහු ඇය කී මාර්ගය ඔස්සේ ගමන් කරන ලෙස ත්‍රිරෝද රථ රියදුරු වන තම පෙම්වතියගේ පුරුෂයාට පවසා ඇත.
මවිතයට පත් ඔහු නිවස වෙත පැමිණ වාහනය නතර කරද්දී සැමියා අවේලාවේ පැමිණීම පිළිබඳව මවිතයෙන් බලද්දී ත්‍රිරෝද රථයෙන් බසින මුහුණු පොතේ පෙම්වතා දුටු ඇයට දෙවියන් සිහි වී තිබේ.


 කාරණය ඔහුගෙන්ම අසාගත් ඇයගේ සැමියා ගේ තුළට ගොස් ඇය සොයද්දී ඇය ඒ වන විටත් පස්සා දොරෙන් අතුරුදන්ව ඇති අතර පසුව සොයා බලද්දී ඇයගේ මවුපියන්ගේ නිවසින් ඇය මතුව තිබේ.


ඇයගේ මවුපියන්ට කාරණය පැවසූ ඔහු නැවත වරදක් නොකරන පොරොන්දුව මත ඇයට සමාව දී තිබේ.
ඇය පසුව මුහුණු පොතෙන් ඉවත් වූ බව ආරංචි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29
Video thumbnail
තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
01:54