AFC Banner
AFC Banner
Empty Ad

අනාවැකිය වැරදී හංගේරියානු කාලගුණ ලොක්කෝ රස්සාවෙන් නෙරපයි

වැරදි කාලගුණ අනාවැකි නිකුත් කිරීම හේතුවෙන් හංගේරියාවේ ජාතික කාලගුණ විද්‍යා සේවයේ ප්‍රධානීන් වහාම එම තනතුරුවලින් ඉවත්කර තිබෙනවා.

ජාතික කාලගුණ විද්‍යා සේවය නිකුත් කළ වැරදි කාලගුණ අනාවැකියක් හේතුවෙන් හංගේරියාවේ රාජ්‍ය අනුග්‍රහයෙන් වාර්ෂිකව පැවැත්වෙන මල්වෙඩි සංදර්ශනයක් අවලංගු කිරීමටයි පසුගිය දා සිදු වුණේ.

පසුගිය සෙනසුරාදා (20) එරට ශාන්ත ස්ටෙපන් දිනය සැමරීමට හංගේරියානුවන් සූදානම් වූ අතර, එම උත්සවය දිනය නිමිත්තෙන් රාත්‍රියේ ඩැනියුබ් නදියේ කිලෝ මීටර් 05ක් දුරට ස්ථාන 240ක මල්වෙඩි සංදර්ශනයක් පැවැත්වීමටයි කටයුතු කර තිබුණේ.

කෙසේ වෙතත් එරට ජාතික කාලගුණ විද්‍යා සේවය සඳහන් කර සිටියේ එදින රාත්‍රියේ බුඩපෙස්ට් අගනුවර ඇතුළු අවට ප්‍රදේශවලට වැහි කුණාටුවක් හමා එන බවයි.

ඒ අනුව රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට නියමිතව තිබූ මල්වෙඩි සංදර්ශනය අවලංගු කළ අතර, එය නැරඹීම සඳහා අගනුවරට රැස්වීමට සිටි ලක්ෂ සංඛ්‍යාත ජනයා ඊට සහභාගී වූයේ නැහැ.

කේසේ වෙතත් කාලගුණ අනාවැකිය බොරු කරමින් වැහි කුණාටුව අගනුවර මඟ හැර ගිය අතර, අගනුවරට වර්ෂාවක් හෝ ඇද හැලුනේ නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව වැරදි අනාවැකි පළකිරීම සම්බන්ධයෙන් හංගේරියානු ජාතික කාලගුණ විද්‍යා සේවයට ජනතාවගෙන් දැඩි අප්‍රසාදයක් එල්ල වූ බවයි වාර්තා වන්නේ.

එම අප්‍රසාදය සහ විරෝධය හමුවේ ජාතික කාලගුණ විද්‍යා සේවයේ ප්‍රධානීන් හංගේරියානු වැසියන්ගෙන් සමාව අයැද සිටි අතර, එරට රජය විසින් තීරණය කළේ එම ප්‍රධානීන් වහාම එම තනතුරුවලින් ඉවත්කර දැමීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?