අන්‍යෝන්‍ය ගෞරවය හා විශ්වාසය නොමැතිව රටක් ලෙසට ඉදිරියට යා නොහැකි බව ජනපති කියයි

එකිනෙකා පිළිබඳව වන අන්‍යෝන්‍ය ගෞරවය හා විශ්වාසය නොමැතිව අපට රටක් ලෙසට ඉදිරියට යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අදට යෙදෙන මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියාසිටියේ මේ ආලෝකවත් ශිවරාත්‍රියේ දී අප අතර සබඳතා තර කරගැනීමට අදිටන් කරගතහොත් රට හමුවේ ඇති සියලු අභියෝග ජය ගනිමින් සාමය, සංහිඳියාව සහ සමෘද්ධිය සපිරුණු රටක් නිසැකවම අපට ගොඩනඟාගත හැකි වනු ඇති බවයි.

මහා ශිවරාත්‍රි දින සුබපැතුම් පණිවිඩය…

මහා ශිවරාත්‍රි උත්සවය බැතියෙන් සමරන සමස්ත හින්දු ජනතාවට මාගේ සුභාශිංසන පිළිගන්වමි.

ලොව ජීවත්වන සියලුම ජිවීන් පීඩාවන්ගෙන් මුදා ගැනීමේ අරමුණින් ශිව දෙවියන්ට පැවැත්වූ බව කියන පූජාව ලොව පුරා හින්දු බැතිමතුන් මෙලෙස ශිවරාත්‍රි දිනයේ දී සිහිපත් කරනු ලබයි.

නිරාහාරව රැය පහන් කරමින් ඔවුන් උපවාසයේ යෙදෙන්නේ “අඳුර දුරලා ආලෝකය පැතිරේවා” යන ප්‍රාර්ථනය පෙරදැරිවය. එමෙන්ම එකිනෙකා අතර සාමය, සමගිය, සමානාත්මතාව වර්ධනය කර ගැනීම ද මෙයින් අපේක්ෂා කෙරේ.

එකිනෙකා පිළිබඳව වන අන්‍යෝන්‍ය ගෞරවය හා විශ්වාසය නොමැතිව අපට රටක් ලෙස ඉදිරියට යා නොහැකියි. මේ ආලෝකවත් ශිවරාත්‍රියේ දී අප අතර සබඳතා තර කරගැනීමට අදිටන් කරගතහොත් රට හමුවේ ඇති සියලු අභියෝග ජය ගනිමින් සාමය, සංහිඳියාව සහ සමෘද්ධිය සපිරුණු රටක් නිසැකවම අපට ගොඩනඟාගත හැකි වනු ඇත.

මහා ශිවරාත්‍රි දින දැල්වෙන පහන් ආලෝකයෙන් සියලු දුක්ඛ දොම්නස්සයන් නිමා වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවකට දොරගුළු විවර වේවා යි ! ප්‍රාර්ථනය කරමි.

රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22