“අන්දොස් වූ කොළොම්පුරය”

ලංකාව නන්නත්තාර වූ හැටි ද වීක් සඟරාව හෙලි කරයි

සතිපතා පළවන “ද වීක්” ජාත්‍යන්තර සඟරාවේ ලබන අප්‍රේල් 03 වනදා නිකුත්වන කලාපයේ කවරයේ කතාව වෙන් කර ඇත්තේ ශ්‍රී ලංකා වත්මන් ආර්ථික බංකොලොත්භාවය සම්බන්ධයෙනි. පිටු 20 ක අතිරේකයක් ලෙස පළ කර ඇති මෙම කවරයේ කතාවෙන් ශ්‍රී ලංකා රජය පසුගිය කාලයේ සිදු කළ අදූරදර්ශී ආර්ථික කටයුතු ගැන බරපතල විවේචන සිදු කර තිබේ.

සඟරාව මගින් ආර්ථික විද්‍යාත්මක දත්ත- වගු ප්‍රස්තාර ඇසුරින් විග්‍රහ කර තිබෙන අතර මෙය ශ්‍රී ලංකාව විසින් නිර්මාණය කරගත් අර්බුදයක් බව මනාව පාඨකයාට ඒත්තු ගන්වා ඇත.

ජනතාව විඳින පීඩාව ගැන විශේෂ ලිපි දෙකකින් අනාවරණය කර තිබෙන අතර අජිත් නිවාඩ් කබ්රාල් සමග සහ පාඨලී චම්පික සමග සිදුකළ සම්මුඛ සාකච්ඡා දෙකක්, රාජපක්ෂ සමාගමේ බල රෙජිමය, බැසිල් මෝදි හමුවේ සැඟවුණ කතාව, පෝර්ට් සිටියට ඉන්දීය සම්බන්ධය ඇතුළු ලිපි ගණනාවකින් මෙම අර්බුදය විග්‍රහ කර තිබේ.ඉතා සියුම් ප්‍රවේශයක් සමගින් ඇරඹෙන ලිපි වටිනා හරාත්මක කරුණුවලි පෝශනය වී ඇත.

මෙවැනි ජාත්‍යන්තර ප්‍රකාශන හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීම ලෝකයට ගෙනයන පණිවිඩය එතරම් යහපත් එකක් නොවෙන බව නම් කිව යුතුමය. මෙම ලිපි මගින් ඉදිරි ආයෝජන අවස්ථා අඩුවීමට මෙන්ම සංචාරක කර්මාන්තය අඩපණවීමට සුවිශේෂ බලපෑම් ඇති කරනු ඇති බව අප විශවාස කරන අතර මේ සම්බන්ධව ශ්‍රී ලාංකීය මාධ්‍ය අත විශාල වගකීමක් පැවරෙන බවද කිව යුතුමය.

මෙම සඟරාවේ පළවූ ඡායාරූප හා ග්‍රැෆික් නිර්මාණ කිහිපයක් ලිපියේ අවසානයට එකතුකර ඇත…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?