අන්තරේ විරෝධය මඬින්න ආරක්ෂක අංශ කොටුවේ සීරුවෙන් (ඡායාරූප)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (07) දිනයේ කොළඹ නගරයේ විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

මෙම විරෝධතාව මර්දනය කිරීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ ඒ අවට ප්‍රදේශවලට පොලිස් සහ හමුදා නිලධාරී මේ වනවිට යොදවා ඇති බවයි දැක ගන්නට ලැබුණේ.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම විරෝධතාව සංවිධානය කර ඇති අතර, මෙම විරෝධතාව වෙනුවෙන් දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අද කොළඹට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් අද (07) පැවැත්වීමට නියමිත මෙම විරෝධතාවට අදාළව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් අධිකරණ නියෝගයක් නිකුත් කිරීමට ද කටයුතු කළා.

විරෝධතාවට එක්වන පුද්ගලයින්ට අද පෙරවරු 11.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටිය යන පරිශ්‍රයන්ට ඇතුළුවීමෙන් වළකින ලෙස අදාළ නියෝගයේ සඳහන්.

WhatsApp Image 2023 03 07 at 1.08.13 PM 1
WhatsApp Image 2023 03 07 at 1.08.13 PM
WhatsApp Image 2023 03 07 at 1.08.12 PM
WhatsApp Image 2023 03 07 at 1.08.11 PM
WhatsApp Image 2023 03 07 at 1.08.10 PM 1
WhatsApp Image 2023 03 07 at 1.08.10 PM
WhatsApp Image 2023 03 07 at 1.08.05 PM
WhatsApp Image 2023 03 07 at 1.08.04 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?