අනවසර විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙක් මරුට (ඡායාරූප)

ගල්කිරියාගම වනසත්ව අඩවියට අයත් පලාගල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.

එම වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (10) පස්වරුවේ අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය උදේශිකා මධුවන්ති මෙනවිය ඇතුළු එම ඒකකයේ නිලධාරීන් විසින් පැවැත්වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පලාගල , මැදගම ප්‍රදේශයේ ගෙවත්තක් වටා ඉදිකර තිබූ අනවසර විදුලි රැහැනක ගැටී විදුලි සැර වැදීමකින් එම අලියා මිය ගොස් ඇති බව සඳහන්.

මෙලෙස මිය ගොස් ඇත්තේ කහල්ල පල්ලේකැලේ අභය භූමිය හා කලාවැව ජාතික උද්‍යානයේ සැරිසැරූ සිටි වයස අවුරුදු 30ක් පමණ වන උස අඩි 8ක පමණ වන අලියෙක්.

එම වන අලියා අදාළ ගෙවත්තට ඇතුලු වීමට ගිය අවස්ථාවේ විදුලි සැර වැදීමකින් මිය ගොස් ඇති බව වනජීවී නිලධාරීන් පවසනවා.

මියගිය අලියා අදාළ ගෙවත්තට මායිම්ව ඒ ඉදිරිපිටින් දිවෙන පලාගල මීවැව අතුරු මාර්ගය හරහා වැටි සිටි අතර මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනයට ද බාධා මතුවී තිබූ බවයි අප වාර්තාකරු කියාසිටියේ.

වනජීවී පශු වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන් කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අනාවරණ වී ඇත්තේ විදුලි සැර වැදීම අලියාගේ මරණයට හේතුව වී ඇති බවටයි. මිය ගිය අලියාගේ හොඬවැල ආශ්‍රිතව විදුලි සැර වැදීමෙන් හට ගත් තුවාල කිහිපයක් ද දක්නට ලැබුණා.

වනජීවී නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් අනවසර විදුලි වැට ඉදිකර තිබූ ගෙවත්තේ 30 හැවිරිදි හිමිකරු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් ගෙවත්ත වටා ඉදිකර තිබූ අනවසර විදුලි වැටේ කම්බි කොටස්, වයර් සහ පරිපථයක් ඇතුලු කොටස් රැසක් ද වනජීවී නිලධාරීන් භාරයට ගෙන ඇතැයි සඳහන්.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව වන අලියා මරණයට පත්ව සිටි ස්ථානය ආසන්නදීම මිහිදන් කිරීමට ග්‍රාම නිලධාරීවරයාගේ මැදිහත්වීම මත කටයුතු කෙරුණා.

වන අලියාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

සිද්ධියට අදාළ නඩුව ලබන 30 වනදා යළි කැදවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?