අනතුරින් වෙන් වූ අත බණ්ඩාරවෙල රෝහලට යද්දී රෝගියා දියතලාව රෝහලට (වීඩියෝ)

බණ්ඩාරවල ඔත්තෙකඩේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් පස් කණ්ඩියක වැදීමෙනුයි අද දහවල් මෙම අනතුර සිදුවී තිබුණේ. අනතුරින් රියදුරාගේ එක් අතක් වෙන්වී ඇති අතර පාදයකට බරපතල තුවාල සිදුවී තිබෙනවා.

රිය සහායකයා ද අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අනතුරත් සමග ලොරියේ සිරවූ රියදුරා බේරා ගැනීමට ප්‍රදේශවාසීන් පැය භාගයක පමණ කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා තිබෙනවා.

රියදුරා දියතලාව රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ අත කොටස ත්‍රි රෝද රථයකින් රැගෙන ගොස් තිබුණේ බණ්ඩාරවෙල දිසා රෝහලටයි.

පසුව නැවත එම අත් කොටස එම ත්‍රී රෝද රථයෙන්ම දියතලාව රෝහලට රැගෙන ගොස් තිබෙනවා. රියදුරා සැත්කමක් සඳහා බදුල්ල රෝහලට යොමු කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
2
+1
13
+1
80
+1
7
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22