වාරියපොළ දී අනතුරට ලක්වූ ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ජෙට් යානයේ දෝෂයක් නොමැති බව පරීක්ෂණ මඟින් තහවුරු වී ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
අමාත්‍යවරයා පැවසුවේ පුහුණුවීම් අතර තුර ඇති වූ නියමුවන්ගේ අත්වැරදීමක් හේතුවෙන් මෙම ගුවන් අනතුර සිදුව ඇති බවයි.
මෙම ගුවන් අනතුට සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාවෙන් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය සඳහා ඊයේ (23) එක් වූ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ පුහුණු ජෙට් යානයක් වාරියපොළ මිනුවන්ගැටේ, වෙලගෙදර ප්‍රදේශයේ පොල්වත්තකට කඩා වැටීමෙන් පසුගිය 21 වනදා මෙම අනතුර සිදු වුණා.