අනතුරට පත් කාන්තාවගේ කකුළේ කොටසත් රැගෙන සිසුවා ගෙදර ගිහින්

අක්මීමන – හිනිඳුම්ගොඩ කනිෂ්ඨ විද්‍යාලය අසළ ඊයේ (24) සිදුවූ අනතුරකින් කාන්තාවකගේ පාදයක කොටසක් අහිමිව ගොස් තිබෙනවා.

වයස අවුරුදු 16ක පාසල් සිසුවෙක් පැදවූ යතුරුපැදියක ගැටීමෙන් අදාළ කාන්තාව අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, අනතුරින් කාන්තාවගේ එක් පාදයක් වළලුකරට ඉහළින් වෙන් වී තිබෙනවා.

එලෙස වෙන් වූ පාදයේ කොටස යතුරුපැදියේ ඇමිනී ඇති අතර, ඒ බව නොදැන යතුරුපැදිය ද රැගෙන අදාළ සිසුවා එම ස්ථානයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

යතුරුපැදිය ද සමඟ පළා ගිය පාසල් සිසුවා නිවසට පැමිණි පසු යතුරුපැදියේ ඇමිනී තිබූ පාදයේ කොටස දැකඇති අතර, පසුව ඔහු එය රෙදි කැබැල්ලක ඔතා කැලයකට විසිකර යතුරුපැදිය සෝදා පිරිසිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු අක්මීමන පොලිසිය සැකකාර පාසල් සිසුවා නිවස තුළ සැඟව සිටිය දී අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී සිසුවා විසිකර දමා තිබූ පාද කොටස ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ අතර තුවාල ලැබූ කාන්තාව කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, වෙන්වූ කොටස පැය කිහිපයකට පසුවයි රෝහල වෙත ලැබී ඇත්තේ.

කෙසේ වෙතත් එම කොටස යළි පාදයට සම්බන්ධ කිරීමට හැකියාවක් නොලැබී ඇති අතර, කාන්තාව මේ වනවිට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මේ අතර අත්අඩංගුවට ගැනුණු සිසුවා අද (25) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව අක්මීමන පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
24
+1
4
+1
12
+1
67
+1
7
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22