අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් ගිනිගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණකොළපැලැස්ස, ජඳුර ප්‍රදේශයේ දී අද (14) පෙරවරුවේ මෝටර් රථයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වූ මෝටර් රථයක් මෙලෙස හදිසියේ ගිනි ගෙන ඇති බවයි වාර්තා වුණේ.

රථය ගිනි ගැනීමට ලක්වන අවස්ථාවේ දී එහි රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙක් සිට ඇති අතර, රථය ගිනි ගන්නා බව දැනගත් විගස ⁣රථය නවතා ඔවුන් ඉන් පිටතට පැමිණ තිබෙනවා.

ඒ හේතුවෙන් රථයේ ගමන් කළ කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.

අඟුණකොළපැලැස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?