අධිවේගී මාර්ගයේදී වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ මෝටර් රථය අනතුරක

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මෙන්ම ජාතික බෝවන රෝග විද්‍යායතනයේ භෞත චිකිත්සක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

ඔහු ගමන් ගත් මෝටර් රථයේ රෝදයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් දොඩම්ගොඩ සහ ගැලනිගම අතර ප්‍රදේශයේ නතර කර තිබියදී ලී කුඩු පැටවූ ටිපර් රථයක් ගැටීමෙනුයි ඊයේ (15) රාත්‍රී මෙම අනතුර සිදු වී ඇත්තේ.

ජීප් රථයේ ගැටීමත් සමඟම ටිපර් රථය මාර්ගය හරහා පෙරළි ඇති අතර ඒ හේතුවෙන් අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙසට වන මංතීරුවේ පැය 8ක පමණ කාලයක් වාහන ගමනාගමනයට ද බාධා මතුවී තිබුණා.

අනතුර වන අවස්ථාවේදී වෛද්‍යවරයා රථයෙන් පිටතට බැස සිට ඇති අතර ජීප් රථය තුළ ඔහුගේ බිරිඳ හා සහෝදරිය සිට ඇතැයි සඳහන්.

වෛද්‍යවරයා ගාල්ල සිට කොළඹ දෙසට පැමිණීමේදී රථයේ රෝදයක දෝෂයක් හේතුවෙන් ඔහු ජීප් රථය නතර කර ඉන් බිමට බැස සිටියදී දොඩම්ගොඩ දෙස සිට පැමිණි ලී කුඩු පටවා ගත් ටිපර් රථය ජීප් රිප් රියේ පිටුපස වම්පස බඳ කොටසේ ගැටී මාර්ගයේ පෙරළී ගොස් තිබෙනවා.

ඒ සමගම ජීප් රථය ද අඩි කිහිපයක් ඉදිරියට විසි වී ඇති අතර වෛද්‍යවරයාට හෝ ජීප් රථයේ සිටි ඔහුගේ බිරිඳට හෝ සහෝදරියට කිසිදු අනතුරක් සිදු වී නැහැ.

ටිපර් රථය මාර්ගය හරහා පෙරළීමෙන් එහි රියදුරු ගේ හිසට තුවාල සිදු වී ඇති අතර ඔහු බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර තිබුණා.

ටිපර් රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුරට සිදු වන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. අනතුරින් වෛද්‍යවරයාගේ ජීප් රථයට ද බරපතල අලාභ හානි සිදු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?