අධිවේගී මාර්ගයේදී වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ මෝටර් රථය අනතුරක

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මෙන්ම ජාතික බෝවන රෝග විද්‍යායතනයේ භෞත චිකිත්සක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

ඔහු ගමන් ගත් මෝටර් රථයේ රෝදයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් දොඩම්ගොඩ සහ ගැලනිගම අතර ප්‍රදේශයේ නතර කර තිබියදී ලී කුඩු පැටවූ ටිපර් රථයක් ගැටීමෙනුයි ඊයේ (15) රාත්‍රී මෙම අනතුර සිදු වී ඇත්තේ.

ජීප් රථයේ ගැටීමත් සමඟම ටිපර් රථය මාර්ගය හරහා පෙරළි ඇති අතර ඒ හේතුවෙන් අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙසට වන මංතීරුවේ පැය 8ක පමණ කාලයක් වාහන ගමනාගමනයට ද බාධා මතුවී තිබුණා.

අනතුර වන අවස්ථාවේදී වෛද්‍යවරයා රථයෙන් පිටතට බැස සිට ඇති අතර ජීප් රථය තුළ ඔහුගේ බිරිඳ හා සහෝදරිය සිට ඇතැයි සඳහන්.

වෛද්‍යවරයා ගාල්ල සිට කොළඹ දෙසට පැමිණීමේදී රථයේ රෝදයක දෝෂයක් හේතුවෙන් ඔහු ජීප් රථය නතර කර ඉන් බිමට බැස සිටියදී දොඩම්ගොඩ දෙස සිට පැමිණි ලී කුඩු පටවා ගත් ටිපර් රථය ජීප් රිප් රියේ පිටුපස වම්පස බඳ කොටසේ ගැටී මාර්ගයේ පෙරළී ගොස් තිබෙනවා.

ඒ සමගම ජීප් රථය ද අඩි කිහිපයක් ඉදිරියට විසි වී ඇති අතර වෛද්‍යවරයාට හෝ ජීප් රථයේ සිටි ඔහුගේ බිරිඳට හෝ සහෝදරියට කිසිදු අනතුරක් සිදු වී නැහැ.

ටිපර් රථය මාර්ගය හරහා පෙරළීමෙන් එහි රියදුරු ගේ හිසට තුවාල සිදු වී ඇති අතර ඔහු බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර තිබුණා.

ටිපර් රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුරට සිදු වන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. අනතුරින් වෛද්‍යවරයාගේ ජීප් රථයට ද බරපතල අලාභ හානි සිදු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30