අධිවේගයේ දෙදෙනෙකුට මරු කැඳවූ දුමාරය (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 35.9 කණුව,දොඩම්ගොඩ හුවමාරුව අසලදී ලොරි රථයක් සහ මොටර් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක කාර්මික දෝෂයක් හේතුවෙන් අධික ලෙස දුමක් පිට වී ඇති අතර, රියදුරු රථය දොඩම්ගොඩ පිවිසුම ආසන්නයේ නවතා එයින් බැසීමත් සමඟ මාතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් ලොරි රථයේ පිටුපසින් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ලොරි රථයේ දුමාරය හේතුවෙන් මෝටර් රථ රියදුරුට මාර්ගය හරි හැටි දර්ශනය නොවීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපල කරන්නේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 70 සහ 75 අතර වයස්වල පසුවන දෙදෙනෙක් වන අතර, ඔවුන් ත්‍රිකුණාමලය සහ මඩකලපුව පදිංචිකරුවන්.

මෝටර් රථයේ ගමන්ගත් වයස අවුරුදු 65 සහ 75 අතර වයස්වල පසු වූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ද බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් අධිවේගී මාර්ගයේ පොලිසිය විසින් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් පොල් ගහක් උඩට ගිය බිහිසුණු අනතුර
01:07
Video thumbnail
මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ල නිසා සංවර්ධන කමිටුව උණුසුම්වෙයි..හෙංචයියෝ වගේ ඉන්න හිතනවනම් සොරි තමයි
09:50
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු එජාප සෙට් එකත් ජයටම සමරපු අලුත් අවුරුදු..මිනිස්සු රනිල් එක්ක Selfie ග#‍‍යි
02:14
Video thumbnail
හරිනි ඉල්ලා අස්වෙන්න ඕනේ - 2026 ආරම්භය සුභදායක නෑ
05:57
Video thumbnail
රුවන්වැලිසෑයට මහ ජන ගඟක් ඇදෙයි..රුවන්වැලිසෑ නායක හිමිගෙන් විශේෂ පණිවිඩයක්
06:49
Video thumbnail
නව වසරට සුභ පැතුම් එක්කළ අටමස්ථානාධිපති..ආපදාවලින් අසරණ වුණ ජනතාවට හැකි පමණින් උදව් උපකාර කරන්න
01:40
Video thumbnail
වෙනස්ම සුභ පැතුමක් දුන්න ගම්මන්පිල.."සුභවේවා කිව්ව පමණින් සුභ වෙන්නේ නෑ"
01:11
Video thumbnail
මල් වෙ#වලින් මුළු අහසම වර්ණවත් වුණ ගාලුමෝදර..මිනිස්සු ජය ඝෝෂා නගමින් නව අවුරුද්ද පිළිගයි
00:58
Video thumbnail
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කතරගම දෙවිඳුගෙන් ආශීර්වාද ලබා ගන්න එයි
01:13
Video thumbnail
බෙන්තර සංචාරක කලාපයේ 2026 අලුත් අවුරුඩදු උදාව සමරපු හැටි
01:21


?