spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධිවේගයේ දෙදෙනෙකුට මරු කැඳවූ දුමාරය (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 35.9 කණුව,දොඩම්ගොඩ හුවමාරුව අසලදී ලොරි රථයක් සහ මොටර් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක කාර්මික දෝෂයක් හේතුවෙන් අධික ලෙස දුමක් පිට වී ඇති අතර, රියදුරු රථය දොඩම්ගොඩ පිවිසුම ආසන්නයේ නවතා එයින් බැසීමත් සමඟ මාතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් ලොරි රථයේ පිටුපසින් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ලොරි රථයේ දුමාරය හේතුවෙන් මෝටර් රථ රියදුරුට මාර්ගය හරි හැටි දර්ශනය නොවීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපල කරන්නේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 70 සහ 75 අතර වයස්වල පසුවන දෙදෙනෙක් වන අතර, ඔවුන් ත්‍රිකුණාමලය සහ මඩකලපුව පදිංචිකරුවන්.

මෝටර් රථයේ ගමන්ගත් වයස අවුරුදු 65 සහ 75 අතර වයස්වල පසු වූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ද බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් අධිවේගී මාර්ගයේ පොලිසිය විසින් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?