අධිබලැති පුපුරන ද්‍රව්‍ය යොදා බෝම්බ සකස් කිරීමට උත්සහ දැරූ පුද්ගලයෙකු STF අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරින් කණ්ඩායමට ලද තොරතුරක් අනුව කෑගල්ල, රඹුක්කන ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී ව්‍යාජ ලෙස සකස් කරන ලද අධිබලැති පුපුරන ද්‍රව්‍යයක් වන රතු රසදිය අඩංගු බවට සැකසහිත ලෝහ සිලින්ඩර් තුනක් සහ එම නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි සැකකරුවෙකු වන අතර ඔහුව කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී රතු රසදිය ලෝහ සිලින්ඩර් 03, ග්‍රයින්ඩර් 01, කළු පාට තීන්ත බෝතල් 01, 12 වෝල්ට් සුදු පැහැති බල්බ 05, බ්‍රේක් ඔයිල් බෝතල් 01, යකඩ ඇලවීමට යොදා ගන්නා ගම් බෝතල් 01, සෙලෝටේප් රෝල් 01, ලැප්ටොප් බෑග් 01ක් සහ සිලින්ඩරයේ ඇලවීම සඳහා යොදා ගනු ලබන ස්ටිකර් 07ක් සොයා ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?