ප්‍රධාන ජලාශ 50කට ආසන්න සංඛ්‍යාවක් අධික වැසි සමග වාන් දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාවද 80% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ සඳහන් කළා.මේ අතර මල්වතු ඔය භාවිතයේදී විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
ඒ මල්වතු ඔය පහළ ප්‍රදේශවලට නිකුත් කර ඇති ගංවතුර අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙනි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීශ්වර පැවසුවේ නිල්වලා ගඟ පහළ ප්‍රදේශවල ගංවතුර අවදානම ද තවදුරටත් බලාත්මක බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
+1
+1




