AFC Banner
Empty Ad
Empty Ad

අධික වැස්සත් සමඟ ප්‍රධාන ජලාශ කිහිපයක් වාන් දමයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ පිහිටි ජලාශ කිහිපයක්ම මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජාංගණය ජලාශය සහ අංගමුව ජලාශය ද මේ වනවිට වාන් දමමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ හේතුවෙන් රාජාංගණය ජලාශයෙන් පහළ කලා ඔයේ ජල මට්ටම ඉහළ මට්ටමක පැවතීමත් සමඟ අවට ඇතැම් ප්‍රදේශ
සුළු ගංවතුර අවදානමකට ලක්වීමේ අවදානමක් පවතින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජලාශය ද මේ වනවිට වාන් දමමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ, අනුව එම ජලාශයෙන් පහළ දැදුරු ඔයේ ජලමට්ටම ඉහළ ගොස් ඇති බැවින් එම ඔය භාවිතා කිරීම අනතුරුදායක බවයි ජනතාවට දැනුම් දෙන්නේ.

එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි උඩවලව ජලාශය ද මේ වනවිට සුළු වශයෙන් වාන් දමමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?