AFC Banner
Empty Ad
Empty Ad

අධික වර්ෂාවෙන් සුඩානයේ මියගිය සංඛ්‍යාව ඉහළට

මේ වන විට (28) සුඩානයේ ප්‍රාන්ත 10කට බලපා ඇති අධික වර්ෂාවෙන් මියගිය සංඛ්‍යාව 138 දක්වා ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (28) ප්‍රකාශ කළා.

පුද්ගලයින් 129,650කට වැඩි සංඛ්‍යාවක් සිටින පවුල් 31,666ක් පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අගෝස්තු 17වන දින සුඩානයේ සෞඛ්‍ය අමාත්‍ය හයිතම් මොහොමඩ් ඊබ්‍රහිම් රට තුළ කොලරාව පැතිර යන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණා.

මේ වන විට සුඩානයේ ප්‍රාන්ත පහක නව රෝගීන් 102ක් සහ කොලරාවේ නව මරණ පහක් වාර්තා වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ නවතම දත්තවලට අනුව, මිලියන 10.7 ක ජනතාවක් මේ වනවිට සුඩානයේ අභ්‍යන්තර වශයෙන් අවතැන්ව සිටින බවයි තවදුරටත් වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?