අධික වර්ෂාවත් සමඟ ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළට

ඇද හැලෙන අධික වර්ෂා පතනයත් සමඟ අත්තනගලු ඔය, කැළණි, කළු, ගිං සහ නිල්වලා ගංඟාවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් ඒ අවට පහත් බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර කඳුකර ප්‍රදේශවල නාය යාම් අවදානම් සහිත ස්ථානවල ජීවත්වන ජනතාව ද මෙම කාලගුණ තත්ත්වය පිළිබදව විමසිලිමත්ව සිටිය යුතු බවයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?