අධික මිල ගණන්වලට හොරෙන් මෙරටට ගෙනැවිත් විකුණන පක්ෂීන් හා සිව්පාවුන්

ඉන්දියාවෙන් හොර රහසේ මන්නාරමට ගෙනා පක්ෂීන්, සතුන් සහ ඖෂධ සමගින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සතුන් ඇතුළු ඖෂධ වර්ග මුහුදු මාර්ගය ඔස්සේ නීතිවිරෝධීව ගෙනැවිත් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් ව තලෛමන්නාරම ප්‍රදේශයේ දී මන්නාරම පොලිසිය විසින් ඊයේ (05) අත්අඩංගුවට ගනු ලැබුවා.

උතුරු මැද නාවික විධානයට ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදා නිලධාරීන් සහ මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් ඒකාබද්ධව සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක දීයි මොවුන් ව ලොරි රථයක් සමග අත්අඩංගුවට ගත්තේ.

ලොරි රථය සෝදිසි කිරීමේ දී එහි තිබූ කූඩු කිහිපයක ඉන්දියාවට ආවේණික පරෙවියන් 220ක්, අප්‍රිකානු ලව් බර්ඩ්ස් නමින් හැඳින්වෙන පක්ෂීන් 20ක්, විශේෂිත ලේන් කුලයකට අයත් ලේනුන් 08 දෙනෙකු, ඖෂධ පෙති
වර්ග සහ ඖෂධ ද්‍රව ඇතුළත් බෝතල් තොගයක් ද සොයා ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වල දී හෙළි වී ඇත්තේ ඉන්දියාවේ සිට
මුහුදු මාර්ගයෙන් අදාළ පක්ෂීන්, සතුන් සහ ඖෂධ වර්ග තලෙයිමන්නාරමට රැගෙන ඒමෙන් පසුව
දිවයිනේ විවිධ ප්‍රදේශවලට රැගෙන ගොස් අධික මිල ගණන්වලට විකිණෙන බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ සහ දඹුල්ල ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 25-40ත් අතර වයසේ පසුවන්නන්.

මන්නාරම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34