අධික උණුසුම බිළිගත් හජ් වන්දනාකරුවන් ගණන ඉහළට

සෞදි අරාබියේ මක්කම පවතින දැඩි උණුසුමත් සමඟ හජ් වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් 14 දෙනෙක් මේ වනවිට මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දැඩි උණුසුම හේතුවෙන් මියගිය වන්දනාකරුවන සියලු දෙනාම ජෝර්දාන පුරවැසියන් බවයි බලධාරීන් සඳහන් කළේ.

එමෙන්ම තවත් වන්දනාකරුවන් 17 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ජෝර්දාන බලධාරීන් පැවසුවේ අතුරුදන් වූවන් සොයා තවදුරටත් සෝදිසි කිරීම් සිදුකරන බවයි.

මීට අමතරව හජ් වන්දනාවේ පැමිණි ඉරාන වන්දනාකරුවන් පස්දෙනෙකුට ද ජීවිත අහිමිවඇති බවට තහවුරු කළ නමුත් ඔවුන් මිය ගියේ කෙසේදැයි නිශ්චිතව දක්වා නැහැ.

මේ අතර සෞදි ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රධානී අයිමන් ගුලාම් පසුගිය සතියේ අනතුරු ඇඟවීම සිදුකළේ මෙම සතිය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 ඉක්මවන බවටයි.

සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය ද උපදෙස් නිකුත් කරමින් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ සජලනය වී සිටින ලෙසත්, දවසේ උණුසුම් ම වේලාවන් වන පෙරවරු 10:00 සිට පස්වරු 4.00 දක්වා වැඩි වශයෙන් එළිමහනේ සිටීමෙන් වළකින ලෙසයි.

පසුගිය වසරේ හජ් වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් අවම වශයෙන් 240ක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දරුණුතම හජ් ව්‍යසනය 2015 දී වාර්තා වූ අතර,එහිදී තෙරපීමකින් පුද්ගලයින් 2,000 කට වැඩි පිරිසක් මිය ගියා.

මේ අතර මෙරට ඉස්ලාම් බැතිමතුන් අද (17) හජ් උත්සවය සමරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
10
+1
1
+1
48
+1
4
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?