අධිකරණ සේවයේ පුළුල් ප්රතිසංස්කරණ රැසක් ඉදිරියේ දී සිදුකිරීමට නියමිත බව අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
පසුගිය දින 10 කට ආසන්න කාලයක් තුළ විවිධ චෝදනා එල්ල වූ විනිසුරුවරුන් හයදෙනකුගේ වැඩ තහනම් කිරීමට ද එම කොමිසම කටයුතු කර තිබුණා.
මොරටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ, මහියංගණය අතිරේක දිසා විනිසුරු රංගනී ගමගේ, මඩකලපුව හිටපු මහේස්ත්රාත් සහ අලුතින් මහේස්ත්රාත්වරුන් ලෙස පත් වූ පරිවාස කාලය අවසන් නැති විනිසුරුවරුන් තිදෙනෙක් ද මෙලෙස වැඩතහනමට ලක් වූ පිරිසට අයත්.
තවත් විනිසුරුවරුන් 70කට අධික පිරිසක් සම්බන්ධයෙන් කොමිසමට පැමිණිලි ලැබී ඇති බවද වාර්තා වනවා.
ඒ සියලු පැමිණිලි පිළිබඳ විමර්ශන පැවැත්වීමට නියමිත බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා.
එමෙන්ම විනිසුරුවරුන්ගේ නිල නිවාස ඇතුළු ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ද කොමිසම දැඩි අවධානයක් යොමුකර ඇති අතර, ඒ පිළිබඳ විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කිරීමට කොමිසම සූදානම් වනවා.



