අධිකරණ සේවයේ පුළුල් ප්‍රතිසංස්කරණයකට අධිකරණ සේවා කොමිසම සැරසෙයි

අධිකරණ සේවයේ පුළුල් ප්‍රතිසංස්කරණ රැසක් ඉදිරියේ දී සිදුකිරීමට නියමිත බව අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

පසුගිය දින 10 කට ආසන්න කාලයක් තුළ විවිධ චෝදනා එල්ල වූ විනිසුරුවරුන් හයදෙනකුගේ වැඩ තහනම් කිරීමට ද එම කොමිසම කටයුතු කර තිබුණා.

මොරටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, මහියංගණය අතිරේක දිසා විනිසුරු රංගනී ගමගේ, මඩකලපුව හිටපු මහේස්ත්‍රාත් සහ අලුතින් මහේස්ත්‍රාත්වරුන් ලෙස පත් වූ පරිවාස කාලය අවසන් නැති විනිසුරුවරුන් තිදෙනෙක් ද මෙලෙස වැඩතහනමට ලක් වූ පිරිසට අයත්.

තවත් විනිසුරුවරුන් 70කට අධික පිරිසක් සම්බන්ධයෙන් කොමිසමට පැමිණිලි ලැබී ඇති බවද වාර්තා වනවා.

ඒ සියලු පැමිණිලි පිළිබඳ විමර්ශන පැවැත්වීමට නියමිත බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා.

එමෙන්ම විනිසුරුවරුන්ගේ නිල නිවාස ඇතුළු ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ද කොමිසම දැඩි අවධානයක් යොමුකර ඇති අතර, ඒ පිළිබඳ විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කිරීමට කොමිසම සූදානම් වනවා.

  1. Definiitely need to be modenize the judicial . Because I personely unhappy and no trust with our judicial. Because I have bad ecperience in Moratuwa MC i was fully discharge case after 3 yeras without any reasonable reason recalled. I have made complaints to JSC but” action taken previous management of Jsc.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති අනුරත් හමුවෙයි
02:52
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙන්න ගිය විපක්ෂ නායක
00:53
Video thumbnail
කොහොමද බඩු ටික හංගලා තියන තැන
02:13
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:43
Video thumbnail
ෆොන්සේකා දේශපාලනයට එයි කියන බය එදා පාලකයන්ට තිබුණා - අභියෝගයක් වීම නැවැත්වීමට මේක කළේ
06:21
Video thumbnail
සජිත්ට පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ
06:24
Video thumbnail
නාමල් ඇතුලට ගියොත් තමයි පොහොට්ටුවට ජයවෙන්නේ
11:27
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට - "කෙ#වන්න පටන් ගන්නේ අද..අනුර කුමාරට බුදුම සරණයි"
06:29
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
04:42
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ඇවිත් මුල්ලටවෙලා දුම් පානය කරන සිසුන් - කවුද මේ දුම්වැටි විකුණන්නේ ?
01:30