AFC Banner
AFC Banner
Empty Ad

අධිකරණ ඇමති විජයදාසට ඇතුළු පිරිසකට නොතීසි

ඉදිරි මැතිවරණවල දී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීම පහසුකම් සලසමින් මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් මැතිවරණ කොමිසම, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙත නොතීසි යැවීමටශ්‍රේෂ්ඨාධිකරණය අද (26) නියෝග කළා.

සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින් පෙත්සම ගොනු කර තිබූ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වෙත මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඒ, අනුව පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ඇතුළු පිරිසක් වෙත අගෝස්තු මස 08 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කෙරුණා.

පෙත්සම්කරු සිය පෙත්සම මඟින් පවසනුයේ, එක්සත් ජාතීන්ගේ මානව ප්‍රඥප්තියේ පැහැදිලිව සියලු සිරකරුවන් මනුස්සයන් වශයෙන් සලකන බවත් ඔවුන්ට හිමිවිය යුතු වරප්‍රසාද ලබා දිය යුතු බවත් දක්වා ඇති බවයි.

යම් පුද්ගලයෙකු අධිකරණයෙන් වරදකරුවෙකු  කරන තුරු ඔහු නිර්දෝෂි පුද්ගලයෙකු වශයෙන් සලකන බව ද ඒ අනුව ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සියලු මූලික අයිතිවාසිකම්වලට හිමිකම් ලැබෙන බව ද පෙත්සමේ සඳහන්.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි ව්‍යවස්ථාව අනුව ඡන්දය භාවිතයට සුදුසු හා නුසුදුසු සිරකරුවන් වර්ගීකරණය කරමින් සිරකරුන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමේ වරප්‍රසාදය ලබා දී ඇති බවයි.

නමුත් මේ වනතුරු මැතිවරණයකදී සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කර නොමැති බව පෙත්සම මඟින් පෙත්සම්කරු අවධාරණය කරනවා.

එබැවින් සුදුසුකම් ලත් සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට නියෝග කරමින් මැතිවරණ කොමිසමට රිට්ආඥාවන් නිකුත් කරන ලෙස පෙත්සමකරු සිය පෙත්සමෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
11
+1
2
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?