අධ්‍යාපනයේ ඩිජිටල් මෙවලම් වැඩිදියුණු කරන්න ජාත්‍යන්තර සහාය අපේක්ෂාවෙන්

මෙරට තොරතුරු සහ සන්නිවේදනය ක්‍ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් අධ්‍යාපන සම්පත් භාවිතා කිරීම සහ අධ්‍යාපනයේ ඩිජිටල් මෙවලම් වැඩි දියුණු කිරීම සඳහා තවදුරටත් ජාත්‍යන්තර සහයෝගීතාව අපේක්ෂා කරන බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

සාමාජික රටවලට යුනෙස්කෝ ක්ෂේත්‍ර කාර්යාලවල අත්‍යවශ්‍ය දායකත්වය පිළිගනිමින් ක්ෂේත්‍ර කාර්යාල ජාලය ශක්තිමත් කිරීමට රටක් වශයෙන් තමා යෝජනා කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

යුනෙස්කෝ විද්‍යා අංශය මගින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාසල්වල STEAM අධ්‍යාපනය සඳහා මෙවලම් කට්ටල සැපයීමට පියවර ගැනීම ද කෘතවේදී ව අගය කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, දකුණු ආසියාවේ තිරසාර ජල සම්පත් කළමනාකරණය පිළිබඳ යුනෙස්කෝ හමුව මොරටුව විශ්වවිද්‍යාලයේ දී පැවැත්වීමට ලැබීම අභිමානයක් බව ද ප්‍රකාශ කළා.

එමෙන් ම ශ්‍රී ලංකාව තුළ පාසල් දරුවන්ට ආතතියෙන් තොර ඉගෙනුම් පරිසරයක් ඇති කිරීම, පරිවර්තනීය අධ්‍යාපනයක් වෙනුවෙන් දරුවන් යොමු කළ හැකි පරිදි ගුරුවරුන් බලගැන්වීම සහ ඩිජිටල් දියුණුව උත්තේජනය කිරීම කෙරෙහි අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සුවිශේෂ අවධානය යොමුකර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

පසුගිය වසර 74 ක කාලය තුළ යුනෙස්කෝව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට හැකිවීම පිළිබඳ සතුටට පත්වන අතර රජයේ ප්‍රමුඛ වැඩසටහන් 5ක් යුනෙස්කෝ සංවිධානයේ අරමුණු සමග එක්වෙමින් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වූ යුනෙස්කෝ සමුළුවේ 42 වැනි සැසිවාරය අමතමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අවධාරණය කළා.

මිනිසා සහ ජෛවගෝලයේ ආරක්ෂාව සම්බන්ධව යුනෙස්කෝ -ශ්‍රී ලංකා සබඳතාව පිළිබඳ අගය කරන බවත්, ශ්‍රී ලංකාවේ ජෛවගෝල රක්ෂිත ලෙස ස්ථාන 34ක් නම් කර ඇති බවත්, යුනෙස්කෝව ඉන් හතරක් සිය ලෝක ජාලයේ කොටසක් ලෙස පිළිගෙන ඇති බවත් එහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා, ලොව තෙත් බිම් සංරක්ෂණය වෙනුවෙන් පිහිටුවාගෙන ඇති රැම්සා සම්මුතියට අයත් අඩවි යටතට කොළඹ සහ ඒ අවට තෙත්බිම් ද අයත්ව ඇති බවයි පෙන්වා දුන්නේ.

දේශගුණික අභියෝගවලට මුහුණ දීම වෙනුවෙන් ශ්‍රී ලංකාව දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බව ද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ප්‍රකාශ කර ඇති බව ද එම විශ්වවිද්‍යාලය වෙනුවෙන් යටිතල පහසුකම් සඳහා අරමුදල් ද 2024 වසර තුළ වෙන් කර ඇති බව ද මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීමේ කටයුතු සඳහා යුනෙස්කෝ සහ අනෙකුත් ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගේ සහාය අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

දඹුල්ල ලෙන්විහාරයේ, ගඩලාදෙනියේ සහ දෙගල්දොරුව විහාරවල බිතුසිතුවම් සංරක්ෂණයට යුනෙස්කෝ සංස්කෘතික අංශය විසින් ලබාදුන් සහයෝගය පිළිබඳව ද, 2003 සහ 2005 වසරවල ලබාදුන් ධාරිතා සංවර්ධන වැඩසටහන් පිළිබඳව ද අමාත්‍යවරයා සමුළුව අමතමින් සිය කෘතවේදීත්වය පළ කර තිබෙනවා.

සමාජ සහ මානව විද්‍යා ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරකම් ලෙස ආසියානු කලාපීය අන්තර් සංස්කෘතික සංවාදය සක්‍රීය කිරීම සඳහා වූ යුනෙස්කෝ රාමුව සහ එහි ගෝලීය වාර්තාව ඉදිරිපත් කිරීම පසුගිය ජූනි මාසයේ දී කොළඹ දී පැවැත්වූ බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?